Wednesday, August 10, 2016

පස්වන කොටස.



රෝගී තත්ත්වය හේතුවෙන්, ලෙනින් මියගිය පසු සමාජවාදයේ සතුරන් විසින් බොල්ෂෙවික් පක්ෂයේ ලෙනින් ගමන්මග වෙනස් කිරීමට උත්සහ කළහ. ඔවුන්ගේ උත්සහය වූයේ නැවත රට තුල ධනවාදය ස්ථාපනය කිරීමයි. පක්ෂයේ පැවැත්මට විශේෂයෙන්ම ප්‍රචන්ඩ ලෙස බලපෑම් කලේ ත්‍රෝත්ස්කි හා ඔහුගේ අනුගාමිකයින් වේ. ත්‍රෝත්ස්කිවාදීන් පක්ෂය තුල නව කථිකාවක් ආරම්භ කළහ. සටන ඉතාමත් දරුණු විය. ස්තාලින් විසින් ත්‍රෝත්ස්කිවාදය පක්ෂය තුල පරාජය කරන ලදී.

1924 වර්ෂයේ නොවැම්බර් මස සියළු සංගම් මධ්‍යසභා වෘත්තීය සංගම් සැසිවාරයේදී ස්තාලින් “ ත්‍රෝත්ස්කිවාදය හා ලෙනින්වාදය “ යන මාතෘකාව යටතේ අදහස් ඉදිරිපත් කලේය.
“ මෙම මෙහොතේ, - ස්තාලින් කථා කරමින්, - ඔක්තෝම්බරයේ ජයග්‍රහණයෙන් පසු, නව වාතාවරණය යටතේ නව ආර්ථික දේශපාලනය ත්‍රෝත්ස්කිවාදීන් විසින් ඉතා භයානක ලෙස සළකන ලදී. ඔවුන් අපේ විප්ලවීය ශක්තිය විශ්වාසනීය නොවන බව ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සහ කරන ලදී. සංගමයේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ කර්තව්‍යන් පිළිබඳ විශ්වාසය පළුදු කිරිමට උත්සහ කරන ලදී. රුසියානු සමාජවාදය තුල නව ආර්ථික දේශපාලන පරිවර්තනය කෙරෙහි විශ්වාස නොකරන ලෙසට ජනතාව මෙහෙයෙවීමට උත්සහ කරන ලදී. ( ජොසෆ් ස්තාලින්. නිබන්ධන, වෙළුම 7. පිටුව 32- 33 දක්වා )

ත්‍රෝස්කිවාදයේ දෘෂ්ටිමය බලවත් පරාජය සමාජවාදයේ ඉදිරි ජයග්‍රහණ කෙරෙහි බලවත් ලෙස බලපෑවේය. යනුවෙන් ස්තාලින් මෙසේ ලියා තැබුවේය.
“ ත්‍රෝත්ස්කිවාදය බිඳ නොහෙලා, නව ආර්ථික දේපාලනය ජයග්‍රහණය කිරීම උකහටය. වත්මන් රුසියාව, රුසියානු සමාජවාදයට පරිවර්තනය කිරීමට උකහටය.“ ( ජොසෆ් ස්තාලින්. නිබන්ධන, වෙළුම 7. පිටුව 33 )
ත්‍රෝත්ස්කිවාදයට එරෙහිව කල සටනේදී ස්තාලින් පක්ෂය මධ්‍යම කාරක සභාව වටා එක්රැස් කලේය. එලෙසම ඔහු පක්ෂය, ඉදිරි සටන් වලට හා සමාජවාදයේ ජයග්‍රහණ උදෙසා බලමුලු ගැන්වූයේය. එම ක්‍රියාව ලෙනින්වාදයට දීර්ඝ පදනමක් දැමු අතර ලෙනින් විසින් මාක්වාදී න්‍යාය දියුණු කිරීමට කටයුතු කලේය. ස්තාලින් විසින් ලෙනින්වාදය සඳහා සම්භාව්‍ය නිර්වචනයක් ලබාදුන්නේය.
        ජාතික ආර්ථිකය ස්ථාපනය කිරීමේ කර්තව්‍ය අවසානයට පැමිණියේය. සෝවියට් දේශයේ, දේශිය හා ජාත්‍යන්තර වාතාවරනය වෙනස්විය.

1924 වර්ෂයේ ස්තාලින් මෙසේ ලියා තැබුවේය.

“ කම්කරුවනී පතමි ජවය. “

න්‍යායාත්මකව සාරාංශගත කල මහ ඔක්තෝම්බර් සමාජවාදි විප්ලවයේ අත්දැකීම් හා ධනේශ්වර පරිසරය තුල සමාජවාදය ගොඩනැගීමහිලා පළමු වර්ෂවල වල ලද අත්දැකීම් මත රටක් තුල සමාජවාදයේ ජයග්‍රහණය පිළිබඳ ලෙනින්ගේ ඉගැන්වීම් ස්තාලින් විසින් ආරක්ෂා කරමින් වර්ධනය කලේය.

        1924 වර්ෂයේදී ස්තාලින් විසින් “ ඔක්තෝම්බර් විප්ලවය හා රුසියානු කොමියුනිස්ට්වාදීන්ගේ උපක්‍රම “ යනුවෙන් ලිපියක් නිකුත් කරන ලදී. එක් රටක් තුල සමාජවාදයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෙනින්ගේ ස්ථාවරය සාධාරණිකරනය කරමින් ස්තාලින් පෙන්වා දුන්නේ එම ගැටළුවේ පැති දෙකක් පැහැදිළිව තිබෙන බවයි. එය අභ්‍යන්තර හා ජාත්‍යන්තර යනුවෙනි. අභ්‍යන්තරය පැතිකඩ - පන්ති අතර සහයෝගිතාවය රට තුල සමාජවාදය ගොඩනැගීම සඳහා වූ ගැටළුව; ජාත්‍යන්තර පැතිකඩ - තවමත් එකම සමාජවාදි රට වූ සෝවියට් දේශය සමග සහයෝගිතාවය ඇති කරගත් ධනවාදී පරිසරය.

        1925 වර්ෂයේ දෙසැම්බර් මස පක්ෂයේ 14 වන සම්මේලනය පැවැත්විනි. සෝවියට් දේශය කෘෂිකර්මාන්තය කාර්මීකරණයට ලක් වූ බව එම සම්මේලනයේදී ඔහු කියා සිටියේය.


        ඒ අනුව නවීන යන්ත්‍ර වලින් හෙබි කෘෂිකාර්මීක කර්මාන්ත ශාලා ගොඩනැගීමට අවශ්‍ය විය. ඒ සඳහා විශාල අරමුදල් සම්භාරයක් අවශ්‍ය විය. එම අරමුදල් සෝවියට් දේශය තුලින් උපයා ගැනීමට ස්තාලින් විසින් කටයුතු කලේය.


        ලෙනින්ගේ පදනම මත මගපෙන්වමින් සිතාලින් විසින් සමාජවාදී කාර්මීකරණය දියුණු කිරීම සඳහා විධිවිධාන යොදවන ලදී. එහිදී ඔහු විසින් පහත කරුණු පෙන්වා දෙන ලදී.

1.   කාර්මීකරණයේ ආරම්භය කර්මාන්ත යන්හී සරල වර්ධනය මත රඳා නොපවතින අතර, බැර කර්මාන්තයන්හී වර්ධනයට හා සියල්ලට ප්‍රථම එහි හරය - ඉන්ජිනේරු විද්‍යාව වේ.

2.   ඉඩම් හිමියන් විසින් ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම හා පුද්ගලීක ඉඩම්, කර්මාන්ත ශාලා හා බැංකු හිමිකාරිත්වය ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස අහෝසි කරන ලදී. එම දේපල, ජනතා දේපලක් ලෙස පර්වර්තනය කිරීම බලවත් සමාජවාදී ප්‍රභවයක් ගොඩනගන ලදී.

3.   සමාජවාදී කාර්මීකරනය සහමුලින්ම ධනවාදී කාර්මීකරණයෙන් වෙනස් වේ. එය එනම් ශ්‍රමය සුරාකෑමෙන් තොර එකකි.

4.   එම නිසා කාර්මීකරණය සඳහා වූ සටන ඉතා ඉහල ශ්‍රම ඵලදායිතාවයකින් යුක්තවු අතර පිරිවැය අවම විය.

5.   සෝවියට් දේශය තුල සමාජවාදය ගොඩනැගීමේ කොන්දේසිය වූයේ, කම්කරු පන්තියේ උද්යෝගයයි.

6.   කෘෂිකාර්මික සමාජවාදී පරිවර්තනය සඳහා වූ මග වැටී ඇත්තේ රටේ කාර්මීකරණය හරහාය.


රටේ සමාජවාදී කාර්මීකරණය සඳහා සෝවියට් දේශයේ ශ්‍රමිකයින් පැහැදිළි හා නිශ්චිත වැඩ සටහන් සඳහා සන්නද්ධ වූහ. 

4 comments:

  1. බෝල්ෂෙවික් පක්ෂය තුල ත්‍රෝත්ස්කි වාදීන් ඇති කරන්න හදපු ප්‍රති විප්ලවය, අද මේ රටේ නිදහස් පක්ෂේ ඇතුලේ මහින්ද වාදීන් ඇතිකරන්න දඟලනවා නේද.

    සම්පූර්ණ වෙනස් සන්ධර්භ දෙකක් වුනත් එකම සිද්ධිය ප්‍රතිනිර්මාණය වෙලා වගෙයි දැනෙන්නේ.

    ReplyDelete
  2. ට්‍රොට්ස්කි විසින් එහෙම දෙයක් කලා යයි කීම සාවද්‍ය දෙයකි. අමුලික බොරුවකි.

    ReplyDelete
  3. විභීෂණ, අජිත් මෙම ලිපියේ ඉතිරි කොටස් සමගින් සංවාදයකට යමුද?

    ReplyDelete
  4. ඉවර වුනහම බලමු. දැනට වෙලාවක් නැහැ.

    ReplyDelete