Saturday, September 17, 2016

ඇය.



ඇය නාඹර හා ළකල් වූවාය
නිර්මල මැඩෝනා ලෙස රැඳුනේය හා,
සේ කැඩපතක් ගඟ නිසළ, දීප්තිමත්.
හදවත කඩා හැළෙන්නා සේය මගේ! ..

ඇය තැවුල් නැත්තියකි, නීල තිදස සේ,
සේය නිදිගත් හංසදේනුවක්, පෙනුනාය;
කවරෙක් දනිත්ද, විය හැක්කේය, වූවාය කනගාටු ....
හදවත කඩා හැළෙන්නා සේය මගේ! ..

කෙදිනකද ඇය මට ගැයුවේ ආදරය ගැන,
ඒ ගැයීම හදවතේ රැදුනේය,
එහෙත් ලාලසාව නොදැක්කේය දැවෙන රත ....
හදවත කඩා හැළෙන්නා සේය මගේ! ..


1898 ජූනි 27.
අලෙක්සාන්දර් අලෙක්සාන්ද්‍රෝවිච් බ්ලොක්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. ලැබ ගනු රිසි මුත්,
    නොමැතිය, ආලේ ඇගේ.
    කඩා වැටෙයි සිත
    මාගේ....

    ජයවේවා!!!

    ReplyDelete
  2. අපූරුයි.දුමින්ද. ඔබට තුති.

    ReplyDelete