Monday, September 19, 2016


දසවන කොටස.


ස්තාලින් දැඩි ලෙස ලෙනින්ගේ උපදෙස සිහිකලේය.

“ පළමුව - ජයග්‍රහණයෙන් මත් නොවි යුතුය හා පාරට්ටු නොකල යුතුය, දෙවනුව - ජයග්‍රහණය ආරක්ෂ කල යුතුය, තෙවනුව - සතුරාව අවසන් කල යුතුය“( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 94 -95)

ස්තාලින්ග්‍රාද් නගරය නිදහස් කර ගැනීමෙන් අනතුරුව සෝවියට් හමුදා සේනාංක ජර්මාණු හමුදාව විසින් යුද්ධය ආරම්භයේදී අත්පත් කරගත් පළාත් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලදී.

1943 වර්ෂයේ මාර්තු 6 වන දින ස්තාලින් මාෂල් තනතුරට උසස් කරන ලදී.

මෙම 1943 දරුණු පරාජය නොතකා ජර්මාණු හමුදාව නැවත නව ආක්‍රමණයක් ආරම්භ කලේය. මෙම සැළසුම් පිළිබඳ මූලික අවබෝධයෙන් සිටි ස්තාලින් ප්‍රහාරය බලාපොරොත්තු වූයේය. එම ප්‍රහාරයද සෝවිට් භට සේනාංක විසින් පරාජය කරන ලදී. 1943 වර්ෂය ලෝක යුද්ධයේ හැරවුම් වර්ෂය ලෙස හැඳින්විය හැකිය. සෝවියට් සේනාංකයන්ගේ මෙම ජයග්‍රහණය අන්තර්ජාතික වශයෙන් සෝවියට් දේශයට සුවිශේෂ ස්ථානයක් හිමි විය.

බර්ලින් නගරය කරා සෝවියට් සේනාංකයන්ගේ ගමනට සමස්ථ සෝවියට් ජනතාවගේ ආශිර්වාදය හිමි විය.

1945 වර්ෂයේ මැයි මස 2 වන දින සෝවියට් හමුදාව විසින් බර්ලින් නගරය යටත් කර ගන්නා ලදී. හිට්ලර්ගේ ජර්මනියේ අනාගතය තීරණය විය.



රතු හමුදාව ස්තාලින්ගේ නියෝගය සම්පූර්ණ කරන ලදී. එනම් බර්ලීන් නගරය මත සෝවියට් ධජය එසවීමයි.
එම දිනදී ජෝශෆ් ස්තාලින් ගුවන් විදුලිය මගින් ජනතාව මෙසේ අමතන ලදී.
“ සහෝදරවරුනි! දේශප්‍රේමි පුරුෂයිනි,කාන්තාවෙනි, ජර්මානුවන් පරාජය කල එම මහ ජයග්‍රාහී දිනය පැමිණ ඇත. රතු හමුදාව ෆසිස්ට් ජර්මනිය දණ ගස්වන ලදි.“



1945 වර්ෂයේ ජූලි 16 වනදා ස්තාලින් බර්ලීන් නුවරට පැමිණියේය. එදිනට පසු දින සිට අගෝස්තු 02 දක්වා ත්‍රෛයිපාර්ශවීය සමුළුවක් පවත්වන ලදී. එහිදී ජර්මනිය, ඔස්ට්‍රියාව හා පෝලන්තය මත යුධ ජයග්‍රහණය ස්ථීර කර ගත්තේය.
ස්තාලින් නාමය දේශපාලන විශිෂ්ඨත්වයේ සංකේතයක් ලෙස සෝවියට් ජනතාව සලකන ලදී.

පළමුවන කොටස සිට දසවන කොටස දක්වා සැකසුම.

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. “ පළමුව - ජයග්‍රහණයෙන් මත් නොවි යුතුය හා පාරට්ටු නොකල යුතුය, දෙවනුව - ජයග්‍රහණය ආරක්ෂ කල යුතුය, තෙවනුව - සතුරාව අවසන් කල යුතුය“( ජෝසෆ් ස්තාලින්. සෝවියට් දේශයේ දෙවන ලෝක යුද්ධය, 5 වන මුද්‍රණය, පිටුව 94 -95)

    අපේ කට්ටිය මුල්ම එක බොහම සාරෙට කළා.
    දෙකයි තුනයි කරගන්න මතක් වුණේවත් නැහැ.
    අදත් විඳවන්නේ අන්න ඒ පවා තමයි.

    මම මේ කතා කරන්නේ 2009 මැයි 18 ජයග්‍රහණයත්, 2015 ජනවාරි 8 ජයග්‍රහණයත් යන දෙකටම අදාලවයි.

    ReplyDelete
  2. මාගේ උත්සහය එක් අයෙක් හෝ අවබෝධ කර ගැනීම ඉමහත් සතුටක්.

    ReplyDelete