Monday, January 30, 2017

ගම්මණ්ඩියේ දී.




ආදරය කරමි, කවදා පියසි මතට
වැස්ස වැටෙන්න විට,
සියල්ල එසඳ මා තුල
නලංගුව නිහඬ වන්නේ ය.

මට ඇසෙන්නේය ස්වර මාධුර්යය වැස්සේ.
වැස්ස ඒකාකාරය,
නමුදු කමනීයයි.
හා සියල්ල ආත්මය වටා ස්ථාවරය.

වාසනාවන්තය මා,
කුඩා දරුවෙක් මෙන්.
පිදුරු මැස්ස මතින් ආශ්වාස කිරීමට අපහසු පිදුරු ගඳ හමන්නේය.
කපොලු අතරින් වෑහෙන්නේය වදුලේ හරිත ආලෝකය.
පදවැල් බඳින්නේය වැස්ස....
හා කඩිනමින් අහසේ අළුපාටින්
මැකියන්නේ ය විලේ නීලවර්ණය.

පදවැල් බඳින්නේය වැස්ස.
මම පිට වුනෙමි මඩුවෙන්.
අවට සියල්ල
මුල් වරට සේය.
මම දේදුන්න ස්වර්ගයේ දොරටුව සමග සැසඳුවෙමි,
ජීවිතය තුල මම කොතැනටද දැන්.

අන්ද්‍රේයි දෙමෙන්ත්යේෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

8 comments:

  1. පරිසර වෙනස සමග ගැළපුණු අපූරු පද පෙල.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නැවතත් ඔබට තුති

      Delete
  2. අපූරුවට ලියල තියෙනවා. අදමයි ආවේ මේ පැත්තට..
    දිගටම ලියන්න ජය!

    ඔබේ බ්ලොගයත් සිතුවිලි සිංහල බ්ලොග් සින්ඩියට ඇතුලත් කළේ නැත්නම් ඇතුලත් කරන්න මෙතනින්

    ReplyDelete
  3. නැවත නැවත එන්න. අගයමි ඔබගේ පැමිණීම.

    ReplyDelete
  4. අපූරුයි. මැවිල පේනව. රමණියයි

    ReplyDelete