Tuesday, January 31, 2017

ආදරය තුල කුඩා දෑ සිදු නොවන්නේය.





සිනහව ප්‍රතිචාර දක්වන්නේය සංසිඳවීමට.


ආදරය තුල කුඩා දෑ සිදු නොවන්නේය.
සකළ උතුම් අභිප්‍රායන් පරිපූර්ණය...

යමෙක් නෙලන්නේය සුවඳ පැලෑටි මෙහි.
තම පැතුම් සැඟවෙන්නේ නැත.
වෙන් වීමෙන් පසු
සෝදිසියෙන් බලන්නේය කවුළුවෙන් එපිට.

ආදරය තුල කුඩා දෑ සිදු නොවන්නේය.
සකළ සැඟවුනු අභිප්‍රායන් පරිපූර්ණය...
බලාපොරොත්තු නොවු ශෝකය එල්ලා වැටෙන්නේය.
සිනහව ප්‍රතිචාර දක්වන්නේය සංසිඳවීමට,
එනමුදු නොබෝදා හාස්‍ය ජනක විය.
පසුගිය කියමන් වෙත කැඳවන්නේ නැත.
ඔවුන් අමතක කර ඇත බොහෝ කලක් සිට.

එසේය, හැඟෙන්නේය, ආදරය මරාදමන්නේය.
හා පෙනෙන්නේය, ඇත්තටම නියතය.
ආදරය තුල කුඩා දෑ සිදු නොවන්නේය.
සකළ රහස්‍ය අභිප්‍රායන් පරිපූර්ණය...


අන්ද්‍රේයි දෙමෙන්ත්යේෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

3 comments:

  1. අර්ථවත් ලස්සන පරිවර්තනයක් මෙය.

    ජයවේවා!!!

    ReplyDelete
  2. අරුත්බර පද පෙලක්

    ReplyDelete