Sunday, March 26, 2017

මගේ සිහින.




මගේ සිහින නැඹුරු වන්නේ ය ඈතට,
එතැන ඇසෙන්නේ ය කෑ ගැසීම් හා ඉකිබිඳීම්,
වෙනෙකෙක් බෙදාහදා ගන්නේ ය සන්තාපය
හා මාරාන්තික දරුණු ගැහැට.

මට එහිදි තමාවම සොයාගැනීමට හැකිය
සන්තුෂ්ටිය ජීවිතයේ, අත්‍යානන්දය,
හා එහිදී, නොසලකා ඉරණම,
සෙවීම කැමැත්තෙමි අනුප්‍රාණය.

1915.
සෙර්ගේයි යෙසීනින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

5 comments:

  1. Replies
    1. ස්තූතියි මිතිල. 25 දිය අද්දරට ආවාද?

      Delete
  2. මගේ පෝස්ට් එකක් ඔබගේ කමෙන්ට් එකකින් හොයාගෙන ආවේ. මගේ ඊලඟ පෝස්ට් එකේ ඔබගේ බ්ලොග් එක සඳහන් කරන්නම්. ඒ අතරතුර අනික් බ්ලොග් වලට ගිහිල්ලා ඒවයේ කමෙන්ට් කරන්න. එවිට ඔවුන් ඔබගේ බ්ලොග් එකටත් එයි. මාතලන්ගේ සින්ඩිය සහ අටම්පහුර ගේ සින්ඩිය , kottu.org වගේ සින්ඩි හොයාගේ ඒවට මේ බ්ලොග් එක ඇතුලත් කරන ලෙස ඉල්ලන්න.

    ReplyDelete
    Replies
    1. කාගෙ හරි බ්ලොග් එකකට ගියාම ඒ අය follow කරන බ්ලොග් වලටත් ගිහින් ඔබත් ඒවා follow කරන්න. follow බටන් එක එබීම මඟින්. එවිට ඒවා අප්ඩේට් වුණාම ඔබගේ බ්ලොග් එකේ වැටෙනවා. එවිට ඒවාට කමෙන්ට් කල හැකියි.

      Delete
    2. ඔබට තුති. ප්‍රසන්නයි ඔබගේ උපදෙස්.

      Delete