Thursday, April 20, 2017

සිපිරි ගෙදර.



අපි වැතිර සිටිමු සීතල හා කිලුටු පොළව මත,
සදාතනික දඬුවම වූ සිපිරි ගෙය දෙස.
රළුව හා දිර්ඝව බලමු  අඩ අඳුරේ :
කිසිවක් නැත, කිසිවක් නැත ඒ අඳුරේ!

හෙලෙන්තාඩු ප්‍රතිබිම්බමය සුදුමැලි පහන් පමණක්
සියනේ සිට එල්ලෙති පහලට.
දිගු චංචල ඡායා පමණක් සැළුනෝ ය,
දිගට ඇදුනෝ ය - පැද්දුනෝ ය - වෑහුනෝ ය.

අමතක වූ තම මිතුරන්, දේශයේ,
කොතැනක ද ම්ලේච්ඡයින් පමණක්, තිරිසනුන් රාත්‍රිය තෙක්,
අපි අමතක කළෙමු හිරු එළිය, තරු හා සඳු,
කවරෙකුටවත් අපිට උපකාර කිරීමට නොහැක්කේ ය.

අපිව පීඩාකාරීව දැඩිව ග්‍රහණය කරගත්තෙ ය සිපිරිගෙයි බිත්ති,
අපිව යකුළු මුදුව තෙරපුවේ ය,
ශුද්ධවූ වසංගතයක් සේ, අන්ධකාරයේ ජන්මය සේ,
අපි නොදකිමු එකිනෙකාගේ මුහුණු!

කන්ස්තන්තීන් බල්මොන්ත්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment