Thursday, July 13, 2017

පිබිදීම.



මරීනා දෙනෙත් විවර කළාය.
චිත්තාපර සංවේදනයක් නොවීය. කුමක්දෝ නොඇදෙන සුළු හා විවර නොවූ යමක් සැනින් ඇයව අවදිකිරීමට හේතු විය. එලෙස අවදිවන්නෙ දඩයක්කරුවන් හා ඔත්තුකරුවන් පමණි. ඒවා සමගින් , ඒ අය සමගින් තමාවම හවුල්කර නොගත්තාය.
දොර සීනුව හඬ නගන්නට විය.
ඔන්න පෙනෙන්නේ ය, කුමක්ද හේතුව කියා, මරීනා සිතුවාය, වීසිකරමින් ඇඳ ඇතිරිල්ල හා නැගිටමින් ඇඳෙන්. සෙරෙප්පු කූට්ටම ලාගනිමින් හා සළුව වීසිකරමින්, ඉක්මන් කළාය දොර වෙතට.
මරීනා, අනේ ඇත්තට, තාම නිදිද උඹ? කෙලින්ම ඇය එළිපත්තේ සිට ඉගිලුනා ය මිත්‍ර සත්කාර කරන්නි දීප්තිමත් රතු කෙස් ඇති ක්‍රියාශීලි මැදිවියේ කාන්තාව මාර්ගෝ වෙතට.
ඇත්තටම, කොහොමද කියන්නේ... නැනේ, මරීනා දෑත් විහිදෙව්වා ය.
ඔයා බලන්න ඈ දෙස, ඇයගේ ප්‍රදර්ශනය පටන්ගන්නවා පැය තුනකින්, ඇය තවමත් ඇඳේ වැතිර සිටින්නේ ය.
මොන ප්‍රදර්ශණයක්ද ?
ඔයාගේ පුද්ගලීක ප්‍රදර්ශණය, ශාලාවේ දී.
මගේ පුද්ගලීක ප්‍රදර්ශණයක්? සාත්තු කරන්නියගේ ඇහි බැම ඉහලට ඉගිල ගියේ ය.
මිතුරිය, ඔයා මාව බයකරනවා. තවම නැගිට්ටේ නැද්ද? නැත්නන් සෙල්ලම් කරන්න පටන්ගත්තද? සමහර විට ඊයේ වයින් වැඩියෙන් බිවිවද?
ආ..අපි ඊයේ බිව්වා?
ඉතිං මං එක්ක ඔයා බිව්වේ නැහැ. එහේ මම දන්නේ නැහැ. ඔයා අපේ නිදහස් කාන්තාවක්...මම පුදුම වුනා මේ වගේ කටයුත්තක් ඉදිරියේදී ඔයාගේ නිසසලබව ගැන. මම ඇයට වඩා කැළ‍ඹෙනවා. අවසානයේ කාගේ ප්‍රදර්ශනයද විවෘත වෙන්නේ?
මරීනා අත එසෙව්වා ය, නවත්වමින් මිතුරියගේ කථාව.
ටිකක් ඉන්න. දෙන්න මට අවධානය යොමුකරගන්න.
විනාඩි දෙකයි ඔයාට, රතු කෙස් ඇත්තී කීවා ය, නාන කාමරය වෙත යමින්.
 “ කුමක්ද සිද්ධ වෙන්නේ? මට වුවමනා වුනා කවර ආකාරයේ හෝ ඒකාබද්ධ ව්‍යාපෘතියකට සම්බන්ධ වීමට අනෙක් කලාකරුවන් සමග හා සූදානම් කිරීමට කුඩා ප්‍රදර්ශනයක් මගේ නිර්මාන වලින්... සිහින දුටුවාය, ඇත්තටම, තමාගේම ප්‍රදර්ශනයක් පිළිබඳ....ඔන්න මට ඇතිවන්නේ යැයි කියති අද මගේ සිහින වල ඇරඹිම පිළිබඳව. කුමක්දෝ යමක් ඇලපත මිරිකුවේය. හදවත කොඳුරන්නේය. ඇයි මට කිසිවක් නොතේරෙන්නේ ? එවන් ප්‍රදර්ශනයක් සුදානම් කිරීමට අඩුම වශයෙන් මාස තුනක් ඕනෑ බවයි පෙනෙන්නේ.
මම ඇයව සූදානම් කලා සේ? කෙදිනකද? එවන් හැඟිමක්, කමක්දෝ මගේ මතකයෙන් ඇදවැටුනේය මාස කීපයකට. ඇයි මට කිසිවක් නොතේරෙන්නේ?
මම ආත්මය ගැලපුවෙමි, ගලවාගත්තෙමි සිතුවිලි වලින් තම මිතුරිය මාර්ගෝව හා ඉවත්කරමින් ඇය වෙතින් නාන ඇඳුම, තල්ලු කළාය ඇය නාන කාමරය වෙත.
පැය භාගයක් ඔබට සූදානම් වීමට හා පිටවෙමු. කෝපි බොන්න කල් නැහැ.
විනාඩි හතලිහකින් පසු ඔවුන් ගියෝය මෝටර් රථයෙන් ප්‍රදර්ශනාගාරය දෙසට.
මරීනා, මතකද, කොහොම පම්පෝරික්ද මතුවූනේ ගිය වසරේ ඔබේ පුද්ගලීක ප්‍රදර්ශනයේදී?
විශේෂයෙන්ම ජර්මානුවන් පැමිණ චිත්‍ර දෙකක් මිලදී ගත්තට පසුව?
ඔව් ? චිත්‍රශිලිපිනිය දැන සිටියේ නැත, කුමක් කියන්නටද කියා ඇය මත වෑහෙන තොරතුරු නිසා.
පත්තර මාස දෙකක් විචාරය කළේය ඒ මාතෘකාව. සියළු ආකාරයේ සම්මුඛ සාකච්ඡා, ආවර්ජන, පුරෝකථනයන්.....
පසුව, ඇත්ත, සියල්ල කිඳා බැස්සේ ය, නමුත් දැන්, දන්නවද, කුතුහලය නැවත ඉපදුනේ ය. පත්තර මෙවැනි සිරස්තල වලින් පිරී ඇත්තේ ය. “ කුමන නැවුම් දෑද මරීනා කවලේවාගේ නිර්මාණ වල ඇත්තේ ?“ , “ කුමකින් අපිව සතුටු කරන්නේ ද මෙවර චිත්‍ර ශිල්පිනිය ?“ ,  “ ගිය වර්ෂයට වඩා මේ වසරේ ප්‍රදර්ශනය ශක්තිමත්ද ?“, මෙවර මරීනා කවාලේවාට අපිව විමතියට පත්කිරීමට හැකිවේද?“.
ඔන්න මම දන්නෙම නැහැ... අවසිහියෙන් කතා කළාය මරීනා.
ඔබ අද නොරිස්සන සුළුයි. තෙහෙට්ටුද? තද නින්දක් ලබාගත්තේ නැද්ද? ඒ සියල්ල කලබලකාරී, සාරාංශ ගතකළේ ය මිතුරිය.
සමහරවිට ඔබ නිවැරදියි. කුමක්දෝ යමක් ඇලය තෙරපන්නේ ය, හද කොඳුරන්නේ ය. මැසිවිලි කීවේ ය කවාලේවා.
පොඩ්ඩක් ඉන්නකෝ, මාර්ගෝ විවර කළා ය තම කුඩා අත්බෑගය, ඒ තුල වූ, එලියට ඇදගනිමින් හා විපරමින් බලමින් සර සර හඬින් යුත් ඇසුරුමක ඇති යම්කිසි බෙහෙත්පෙති කිහිපයක් අවුස්සා එළියට ගත්තාය. අවසානයේදී, ඇය කුමක්දෝ සොයාගත්තා ය, ඇසුරුම කැඩුවාය හා දික් කළාය ලඟපාත සිටින්නිය වෙතට.
වලිදෝල්. දිව යට තියාගන්න. හේත්තු වෙන්න. ලිහිල් වෙමින් හාන්සී වෙන්න විවර දෙනෙතින්.
මරීනා එලෙසම කළාය. පහසුවෙන් පසුපස ආසනයේ හිඳගෙන දෑස් වසාගත්තා ය.
“ හැඟියන්නේ ය, මා තුල තවත් දෙවැනි සිරුරක් ඇති බව.පසුගිය වසරේ සාර්ථකයි, හොඳ ප්‍රතිචාර ලැබුනා හා චිත්‍ර දෙකකුත් විකුණුනා. ඇත්තෙන්ම, සන්තෝෂ වන්නේ ය, නමුත් ඇයි මට කිසිවක් නොතේරෙන්නේ ? ප්‍රබන්ධ සිනමාපටයක සේ. මගේ මතකය මැකිගියා සේය සති කීපයකට, මුළු වසර පුරාම, හැඟියන්නො සේය.
පුදුමයි. සියළුම දෑ වඩාත් පුදුමාකාරය.... ඇයි එතරම් තදින් හද ගැහෙන්නේ? මෝටර් රථය ගියේ ය, සෙමින් පැද්දෙමින් හා කාන්තාව අවධානයට හසු නොවී නින්දට වැටුනා ය.
නින්ද අතරින් ඇයට කට හඩක් ඇසුනේ ය.
ඉතින් කොහොමද ඇයට ? පිරිමියෙක් ඇසුවේ ය.
ඔව් දැනට සාමාන්‍යයි, කාන්තාව පිළිතුරු දුන්නා ය. ඊට වඩා කඩිනමින් අවැසි විය. නාඩි ඉතා දුර්වලයි, යන්තමට වැටෙන්නේ. රැගෙන යාමට නොහැකි වන්නෙමු.
මරීනා දෑස් විවර කිරීමට උත්සහ කළා ය, නමුත් ඇයට එය කල නොහැකි විය.
දෙවුර අතරින් ඩිංගක් විවර කරමින් සියවසක් ඇය විපරමින් සුදු නාන ඇඳුමින් වාඩි සිටිමින්, ඇහුනා ය ඇයට පුපුරායන සයිරනයක් හා හඬ මෝටර් රථයක සංඥාවක්.
මරීනාට හැඟුනාය, ඇයට වායුව ප්‍රමාණවත් නොවන බව. හුස්ම ගැනීමට අපහසු විය. කැමති විය ගැඹුරින් ප්‍රාණවායුව හෙලීමට. තියුණු වේදනාවක් පසාරු කළේ ය හදවත හා ඇයට සිහිය නැති විය.
කවාලේවා දෑස් විවර කළාය. වායුව බීවා ය. අතින් නලන බදාගත්තා ය. නලළ තෙත්ව ඇත. හදවත වියරුව ස්පන්දනය විය. වේදනාව සම්පූර්ණයෙන් අතුරුදන් නොවීය. ඇය පිටවිය කෙහේටදෝ ගැඹුරකට හා හැරෙන්නට වූවාය කකියන උදාසීනත්වයට.
ඇයී ? විස්මිතව ඇසුවාය මාර්ගෝ.
අනේ මොන විකාරද ඔළුවට දාගත්තේ.
විකාර පැත්තකින් තියන්න හා උත්සව රැල්ලේ වැඩට යොමු වෙන්න. කතාවට සුදානම්ද ?
කතාවකට ?
කමක් නැහැ. යන ගමන් කරගමු. අපි අවා.
ප්‍රදර්ශනාගාරය අසල පනහස්දෙනෙක් පමණ රැස්වසිටියහ.
මාර්ගෝගේ මෝටර් රථය නැවැත්වූවා පමණයි, පුවත්පත් වාර්තාකරුවෝ රොදබැඳගත්තෝය, පැතිරෙන දීප්තියෙන් හා මයික්‍රෆෝන් සහ පටිගතකරන යන්ත්‍ර ඇදගනිමින්.
කවාලේවාට මෝටර් රථයෙන් එළියට පැමිණිමට නොහැකි වූවාය, සියළු දෙසින් ප්‍රශ්ණ විසිරෙන්නට විය, කරලෙන් විසිරෙන මුං ඇට සේ.
ඔබගේ නව ප්‍රදර්ශනයේ සංකල්පය මොන ආකාරයේද ?
යෝජනා කළාද විකිණීමට ඔබේ චිත්‍ර ?
මොනවගේද ඔබේ දේශපාලන දැක්ම ?
මරීනා, නිසැකවම, ස්ථාවරව ඇලුණා සේය ඒ සෙනග ගොඩේ හමුවන්නන් සමග, උත්සහ කරමින් අවධානය යොමුකිරීමට හා ඒ ප්‍රශ්ණවලට පිළිතුරු දීමට, නමුත් මිතුරිය ඇයව ගලවාගත්තා ය. අල්ලාගනිමින් චිත්‍රශිල්පිනියගේ දෑතින් වික්ෂිප්ත වෙති හා නිර්ලෝභීව තම දීප්තිමත් සිනහවෙන්, ඇය තදින් ඇදගත්තා ය එය අනාවරනය කරන මෝර හකු පෑන.
ප්‍රදර්ශනය විවෘත කිරීම ඉතා සාර්ථක විය.ජනයාගෙන් පිරි ඉතිරී ගියේ ය.
මෙහි නගරයේ සියළු වර්ණ පිහිටියේ ය : කවියෝ, ලේඛකයෝ, චිත්‍රශිලිපීන්, ගායකයින්, අධ්‍යක්ෂවරුන්, පාලනයේ නියෝජිතයින්. ඊට අමතරව ශාලා වල ඉබාගාතේ ගියහ චිත්‍ර පාසැල් වල ශිෂ්‍යයින්, පාසැල් ළමුන්, විශ්‍රාමිකයින්.
සියල්ලෝ සුභ පැතූහ සාර්ථක වීමට, කථා පැවැත්වූහ, මල් කළඹ තෑගි කළහ.
මරීනා ශාලාවපුරා ඇවිද ගියා ය. ගමන් කරමින් සිසාරා කැන්වසයෙන් කැන්වසයට, හා ඇය විසින්ම අභිරුචියෙන් ඕනෑකමින් බැලුවා ය නිර්මාණ දෙස, වූවමනා වූවා සේය කවර ආකාරයේ හෝ ආගන්තුක ප්‍රකාශනයක්. බෙහෝ චිත්‍ර ඇයට අගේට මතකය. කෙසේ, කවදා ඒවා නිර්මාණය කලේද කියා. එනමුත් නිමැවුම් වූයේ ය ඇය හඳුනානොගත්.
“ පුදුමාකාරය. කවදාද මට හැකිවුනේ මට එවා නිර්මාණය කිරීමට ? පැහැදිළි නොවන ගැටළුවකි... ඇයි එතරම් ඔළුව කැරකෙන්නේ හා හිරවෙන්නේ හදවත? ඇත්ත මාර්ගෝ ඒ නාඩි. තවමත් පළමු රැල්ල කිඳාබසින්නේ ය වාඩිවී විවේක ගත යුතුය.“
කවාලේවා පුටුවේ වාඩි වූවාය, සිටගෙන සිටිමින් සිටින මුල්ලේ ජනේලය අසල, හුලහට හේත්තුවී සිටින හා අතින් දෑස් ආවරණය කළා ය.
ඉක්මන් කරන්න. අපිට ඇය අහිමිවෙනවා, ඇසුනේ ය අයට ඒ මෙහොතේ.
ඇය ඇහැ පිය විවර කළා ය. පෙනීම සුදු මීදුමේ විශ්‍රාම ගත්තා සේය. දෑස් ඉදිරියේ නියමිත නිශ්චිතබවින් දිදුලන්නේය විසිරුතු සිවිලිම. ඇයව කොතැනකට දෝ රැගෙන ගියෝ ය.ඝන යමක් මත ඇය වැතිරුණා ය.
“ රෝහලක සේ “, නිතැතින්ම සිතුනේ ය.
ඉක්මනට දෙවන සැත්කම! පිරිමියෙක් කෑගැසුවේ ය.
“ කොහේද මම ? මට මොකද වෙලා තියෙන්නේ ? ඒවා මට නොවෙච්ච දේවල්ද ? සත්තකින්ම, මට නොවේ! එය හීනයක්. සියල්ලම වගේ හීනයක්. කුමක්දෝ භයානක, නමුත් සියල්ලම සිහිනයකි. මගේම පුද්ගලීක ප්‍රදර්ශනයක් ඇත. සාර්ථක වන්නට ගොඩක් දේවල් කල යුතුය. වැතිර සිටීමට කාලයක් නැත. නැගිසිටිය යුතුය. යන්න.... නමුත් ඇයි මට නොහැක්කේ සෙලවෙන්නට. දෙතන තෙරපුනේ යකඩ පට්ටමක් සේය. හුස්ම ගැනීමට අපහසුය. හදවත ගැහෙන්නේ රිද්මයානුකූලව නොවේ. කුමක්දෝ විකල්වීමකින්, හැඟෙයන්න කෙඳිරි‍ගාන්නා සේය, පරණ දොරක් සේය.... කුමක් පිළිබඳද ඒ මම ? මොනාකාරයේ දොරක්ද ? හදවතට පුළුවන්ද කෙඳිරිගාන්න ? සිහි විකල්ව දොඩවන්නේ ය කවරාකාරයෙන් දෝ හා තවමත් ඒ සිවිලිම්, දිදුළන දෑස් ඉදිරියේ. මම ඒවා දකින්නෙමි සදාකාලිකභාවයයි. කොතැනකටද මා කැඳවන්නේ ?
බිලිගනිමින් එන්නේ ය තමා තුලට. දෙන්න ඇයට තවත් එන්නතක්, පිරිමි කටහඬක් කඩිනමින් කිවේ ය. හා ඉක්මනට සැත්කම් මේසයට.
දෑස් ඉදිරිපිට කවාලේවාගේ සියල්ල පාවීගියේ ය කොහේටදෝ ? ඇය ඇහැපිය වැසුවා ය හා හැඟිගියා ය ඇයගේ දෙඋර කුමක් සඳහා ද සෙළවන්නේ කියා.
විවර කරමින් දෙනෙත්, මරීනා විවේක ගැන්වූවා ය දැක්මෙන් මුහුණේ මිතුරියගේ.
මරීනා, මොකද, නින්ද ගියාද ?
කොහේද දොස්තරලා ? සැත්තකම ඉවර වුනා ?
ඔයාට හොඳ මදිද ? ගිලන් රිය කැඳවන්නද ? සැළෙන්නට විය මාර්ගෝ. ඉන්න පොඩ්ඩක්, මොන සැත්කමක්ද ? ඔයා අදහස් කළේ ප්‍රදර්ශනයද ?
කවාලේවා පුටුවේ වාඩිවී සිටි තමා දෙස බැළුවා ය, දෑත් දිගහැරියේ ය හා නැගිට්ටා ය.
නැහැ, නැහැ. ඔක්කෝම හොඳයි. ගිලන්රථය අවශ්‍ය නැහැ. මොකක්දෝ නිකං විකාර හීනයක් පෙනුනා.
මම ඔයාට කිව්වා, ඔයාට වෙහෙසයි විවේක ගන්න ඔනෑ කියලා. නමුත් මේ දැන්මම නෙමෙයි. ටිකක් පරක්කු වෙලා. දැන් ඔයාව බලාපොරොත්තුවෙන් සිටිනවා ඕලන්දක්කාරයින් දෙදෙනෙක් කෞතුකාගාර සංගමයේ. ඔවුන් කැමැත්තෙන් ආරාධනා ඔයාට එයාගේ නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශණයක් වසර අවසානයේ සංවිධානය කිරීමට ඕලන්දයේදී. දකින්නේ නැහැ ඔයාගේ දෙනෙත් තුල සතුටක්.
මට සතුටුයි.
නමුත්, එදාට බලකරන්නේ නැහැ ඔවුන්ට බලාපොරොත්තුවෙන් සිටීමට.
විදේශිකයා තරමක් හොඳට රුසියන් බස කතා කළහ. ඒ නිසා සාකච්ඡා යහපත් අන්දමට සිදුවිය හා සාක්ෂාත් විය මූලික එකඟතාවය පවත්වන්නට නියමිත ප්‍රදර්ශණය පිළිබඳ විදෙස් රටේ.
ඉතින්, පෙනෙයි, සියල්ල වාසනාවන්නතව වැඩෙන්නේ ය. ප්‍රීතියෙන් ඉපිල ගියා ය මිතුරිය මාරිගෝ. ඒ ප්‍රදර්ශනය ආරම්භ වුවා පමණයි, ඔයාට යෝජනා කරති ඊලඟ කටයුත්තට සූදානම් වීමට.
ඉවානෝවා, මම අවිනිශ්චිතත්වයේ.....

ඉවානෝවා ? ෆූ! කුමක්ද ඒ ගද්‍ය රචනා ? අමනාප වූවාය ගැහැනිය. මම මාර්ගෝ. අපි එයා එක්ක ගිවිසගත්තා.