Monday, December 12, 2016

වොල්ගා.



අපි රුසියානුවෝ. අපි වොල්ගාවේ දරුවෝ.
අපිට පුන් අරුතක් ඇති
අගේ ලැසි රළ,
රළුය, ගල් පව්වක් සේ.


රුසියාවේ ආදරය ඇයට සදාකල් ය.
අය වෙත ඇදී එන්නේය ආත්මයන් සියල්ලගේ
කුබාන් හා ද්නේපර්, නේවා හි ලීනා,
අන්ගාරා,යෙනිසේයි.

ආදරය කරමි ඇයට ලොවේ සියළු කලංක තුල,
සියල්ල විලෝ පඳුරක් අද්දර......
නමුදු වොල්ගා රුසියාවට - එය
ගඟකට වඩා වැඩි යමකි.

ඇය - කෙටියෙන් කිව හැකි කතාවක් නොවේ.
දශකයන් සමග ඈඳුනා සේය,
ඇය - රාසින් හා නික්‍රාසෆ්,
හා ලෙනින් - ඒ සියල්ල ඇය.

මට විශ්වාසයි වොල්ගා හා රුසියාව -
මිහිකතේ දුක්ඛිත බලාපොරොත්තුවේ.
මාව විශාල පවුලක හදා වඩා ගත්තෝය,
මාව පෝෂණය කලෝය, හැකි අයුරින්.

හෝරාවකදී දුක්මුසුය හා උද්යෝගිමත්ය
ඒ අයුරින් මම ජීවත්වෙමි හා ගයමි,
ඉහල කඳු මුදුනක වැනි
මම වොල්ගා ඉදිරියේ දෙපයින් සිටිමි.

මම සටන් විදින්නෙට, වැරදි කරන්නට වීමි,
නොදැන දුක්ඛිත නින්දාවෙන්.
මම වේදනාකාරීව මටම රිදවන්නට වීමි,
නමුත් කිසිම දිනක හඬා නෙවැළපෙමි.


ජීවත්වීම මට නැඹුල්ය හා රැව්දෙන්නේය,
සදා මට හඬනැගෙන්නේය හා මලින්බර වන්නේය,
කොතැනකවත් නැත මිහිමත වොල්ගා,
කොතැනකවත් නැත නුඹ, රුසියාව, එයයි.

යෙව්ගේනි යෙෆ්තුෂෙන්කෝ.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment