Sunday, November 20, 2016

නිහඬය හා පැහැදිලිය.


ලයිලැක් මල්. 

නිහඬය, පැහැදිලිය,
ලයිලැක් සුවඳින් හමන්නේය,
කොහේදෝ සිට හඬ නගන්නේය රෑ කොවුළා.
පාවී ආ සුවඳ සුළගෙහි මනමෝහනීයයි
මිහිරි ආලස්‍යය
පුළුල් ඒ මග සිට.

ඟග යන්තමට කම්පාවන්නේය
සීතල වනේ කඳන්,
සිහින මැඩලන්ට නොවේ ශක්තියක.
සුසුම් ලන්නේය හෙලන්නේය ආදරයෙන්,
සුසුම් ලන්නේය හෙලන්නේය සන්තාපයෙන්
වසන්ත ලාලසී රැය.

නිහඬය, පැහැදිලිය,
ලයිලැක් සුවඳින් හමන්නේය,
කොහේදෝ සිට හඬ නගන්නේය රෑ කොවුළා.
පාවී ආ සුවඳ සුළගෙහි මනමෝහනීයයි
මිහිරි ආලස්‍යය
පුළුල් ඒ අතුඉති වලින්.

1889.
කන්ස්තන්තීන් පෙත්රෝවිච් මෙද්වේද්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Tuesday, November 15, 2016

වස්දණ්ඩ.






රාවය වස්දඩුවේ හුදකළාව
විහිද ගියේය නබෝ ගැබ තුල,
අවදිකරමින්, හදවතේ කෘර
කාලයේ මතක සටහන් මට.

තවත් අහසක් යට
අපි තැකුවෙමු ඉඳහිට ඔවුන්,
හරිත කඳු මතින්
දියණි සමගින් නාඹර කුලවත්.

සුදුමැළි හා ජිවලිත,
ලාලසාව පුර්ණ වූයේ කෙසේ
නුඹ, ලිතුවේනියානු ස්ත්‍රීයකී නාඹර,
කුලවත් දියණි මහළු බිරිඳකි!

යවකාර ලුණු රහසිගත හමුවක සේ .....
වළාවක් සේ වුවාය නුඹ!
දේහය හා කිරිගරුඬ උරබාහු
ලිහිල් උතුරු සළුවෙන් වැසුවාය ...

හඳුනාගත්තේය, සේ සොහොන වසන වේලය,
කුලවත් දියණිගේ සුදුමැලි වත
කෙස් රොද කළු, කෙස් රොද දිගු,
කෙස් රොද, දඟර ගැසුනු මුදුව තුල.

1840.
වසීළි ඉවානෝවිච් ක්රාසොෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, November 14, 2016

සීතල කැමැත්ත සමගින්.



කුමක්ද කවුළුවෙන් එහා සැළෙන්නේ?
ඒ - පවන, ඒ හිම
දිගු කලක සිට හැඟෙන්නේය හදට
නිහඬ වේගයෙන් දුවන වළාවන්.

හදවත කොඳුරන්නේය, උන්මත්තකයෙකු සේ,
සැළකිල්ලක් දක්වන ජීවිතය ස්වර්ගයෙහි,
ගොළුවතින්, සිතුවිලි ගොන්නකින්,
සිටිමින් දිගු කලක්.

ළය තුලින් පිටතට ඇසෙන්නේය,
අවනත වෙමින් සුළඟට, වළාකුළු,
හිඩැස තුල, කොතැනක දිගහැරෙන්නේද
ඇරයුම සයුරු හා ගංගාවන් වෙත,

දුර්මුඛත්වයේ සිට මිනිස්වර්ගයාගේ
ජීවන පරිසරය තුල ලෝකයේ,
නිම්හිම් නැති මාතෘභූමිය
මගේ ආත්මයේ ප්‍රාණවත්කරන්නේය.

1899 මාර්තු 11.
ඉවාන් කනේව්ස්කයි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, November 11, 2016

මම ඔබ අමතක නොකරමි.



මම නුඹව සැමදාටම අමතක නොකරමි,
නොවැරුවෙමි ආදරය වියෝගයේ,
අපමණ ජීවිත නුඹ වෙනුවෙන් කම්මුතු කළෙමි,
අපමණ දැවෙන කඳුළු වැගිරෙව්වෙමි ....

දූසාවෙන් හා විසකුරු බිණීමෙන්
කොපමණ වරක් සමූහයා තුල මා ඉදිරියේ
දොසට පත්වූයේය නුඹ රැකවරණයෙන් තොර!
මම හුදකළාව දුක්වූයෙමි නුඹ වෙනුවෙන් ....

නුඹ වෙනුවෙන් ඉදිරිපත්වීමට මට නොහැකිවිය,
මම බිය වූයෙමි වෙනස්වන්නට,
නැමුනු හිසින්, සුදුමැළිවූවාය
කඳුළු උත්සුකවූයේය වහංවීමට.

1854.
අ.ෆ. ෂොදෙයිකෝ.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, November 7, 2016

“ රුවල “ එසවූ වගයි.






2016 රුසියානු සාහිත්‍ය උත්සවය.


දිනය             -     2016.10.28

ස්ථානය         -     රුසියානු සංස්කෘතික කේන්ද්‍රය.

නම               -     රුවල සහ වෙනත් රුසියානු කවි.

පර්වර්තක     -     ෆීලික්ස් ප්‍රනාන්දු.

පිළිගැන්වීම   -     කොළඹ රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ, අධ්‍යක්ෂ,                                අන්ද්‍රෙයි නසාර්කින් මහතාට.






එදින දොරට වැඩි වෙනත් පරිවර්තන කෘති.

      
             1. ෆයෝදර් දස්තයෙව්කිගේ “ නොමේරූ තරුණයෙක්“
             පරිවර්තක - ආනන්ද අමරසිරි.

             2. ඉවාන් තර්ගේනිෆ්ගේ “ නිෂ්ඵල මිනිසකුගේ දින පොත සහ                      තවත් කතා“
             පරිවර්තක - ආනන්නද අමරසිරි.

             3. ඉවාන් තර්ගේනිෆ්ගේ “ වංශවතුන්ගේ කැදැල්ල සහ කුළුදුල්                     පෙම් පුවත “
              පරිවර්තක - චුලානන්ද සමරනායක.

            4. නිකළායි අස්ත්‍රොව්ස්කිගේ “ කුණාටුවෙන් උපත ලද්දෝ “
            පරිවර්තක - රංජන දේවමිත්‍ර සේනාසිංහ.

            5. යෙලේනා කොෂෙව්‍යාගේ “ මගේ පුතා “
            පරිවර්තක - මල්රේණු කස්තුරිරත්න.

            6. චින්ගීස් අයිත්මාතෆ්ගේ “ ධවල ධූම යාත්‍රාව “
            පරිවර්තක - පුෂ්ප රංජන් විජේසිංහ.

            7. සෝවියට් ලේඛකයින් පිරිසකගේ කතා එකතුවක් වන “ ස්මරණ“
            පරිවර්තිකා - මර්ලින් සුනේත්‍රා චන්ද්‍රරත්න.

            8. ඇන්ටන් චෙකෝෆ් “ කෙටි නාට්‍ය අට “
            පරිවර්තක - ආරියරත්න විතාන.

            9. ස්ටැනිස්ලාව්ස්කි හා ඔහුගේ රූපණ විධි ක්‍රමය (නව සංස්කරණය)
            සංස්කාරක හා ප්‍රකාශක - රංජිත් ධර්මකීර්ති.

          10. රුසියානු හා සෝවියට් කාව්‍ය රචකයින් සමූහයකගේ පද්‍ය රචනා              ඇතුලත් “ මගේ ලෝකය“
             පරිවර්තක - කරුණාතිලක හඳුන්පතිරණ.

           11. රසූල් ගම්සාතෝෆ්ගේ “ මගේ ද්ගිස්තානය “

             පරිවර්තක - මහින්ද සෙනරත් ගමගේ.

Sunday, November 6, 2016

කවරෙක්ද ඔහු ?



ඔහු ශක්කිමත්ය                 - කණාටුවක් සේ     අල්තායි හී,
ඔහු මෘදුය                         - තෙතමනය  සේ     දිය දහරක,
ඔහු දැඩිය                         - කළුගලක්   සේ     සියවස් ගණනක,
ඔහු ගලායන්නේය   දහරක්          මෙන් රිදී,
ඔහු විසිරෙන්නේය    වතුරමලක්  මෙන් කිපෙන සුළු,
ඔහු වෑහෙන්නේය     නදියක්       මෙන් කැකෑරෙන.

ඔහු නැමෙන සුළුය            -        සේ              ලපටි වේවැලක්,
ඔහු රළුය                         -        සේ              වානේ කාලවන්
ඔහු හඬනගන්නේය           -        සේ              ගිගුරුමක් කෝපාවිෂ්ඨ,
ඔහු තෝරාගන්නේය         -        සේ              ලෝම වළසා,
ඔහු පැන යන්නේය           -        සේ              අං මුවා,
ඔහු පියාසර කරන්නේය     -        සේ              රාජාලියෙක් වළා යටින්

ඔහු මිහිරය                                 -        සේ              හාදු කන්‍යාවියගේ,
ඔහු දුබලය                                  -        සේ              සුසුම බලාපොරොත්තුවේ,
ඔහු සෙනෙහෙවන්තය                 -        සේ              හඬ ආදරයේ,
ඔහු ප්‍රාණ වායුව හෙලන්නේය      -        සේ සුසුම කුණාටුවේ,
ඔහු සිවුරුහන් ලන්නේය              -        සේ සිවුරුහන් ලෑම ඉලියාගේ

ඔහු සැහැල්ලුය                           -        සේ සුළඟ කාන්තාරයේ,
ඔහු පෘථුලය                               -        සේ අසිපත ස්ලවෝනිකවරුන්ගේ,
ඔහු වේගවත්ය                           -        සේ ආක්‍රමණ කසාක්වරුන්ගේ.
ඔහු තුල ප්‍රතිභාවන්තයෙකි මැදියම් රැයේ බලවත් ......
අහෝ, කොතැනකද ඔබ, යසස් හිතවත?
මොර දෙන්නේය! ... ඔබට ඇසෙන්නට සියවසක්!

1837.
පියෝතර් පාව්ලොවිච් යෙර්ෂොෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, November 4, 2016

සිහිනය.


සරා කල රැයක
පෙනුනේය මට හීනයක්:
රාජධානියක මම,
රජෙක් විය.

රන් රිදී
චකිතයට පත්විය මම,
අටු, කොටු
විවරය සැමට.

සෑම පුරුෂයෙකුටම
ලබාදුන්නේමි මම කාන්තාවක්,
කාන්තාවන්ට දුන්නෙමි මම
නිවහනක් හා පවුලක්,

දරුවන්ට - ළදරුවන්ට
මව හා පියා,
ලොවට අවංක
සේවකයින් හා මිතුරන්

සැමටම දෝතින් දුන්නෙමි මම
බලය මගේ
දිදුළන සංතෘෂ්ටිය
විශ්වාස කළෙමි ජනයා.



1891.
යාකොෆ් ඉගෝරවිච් ඉගෝරෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.