Wednesday, April 19, 2017

ජීවත් වීම - එතරම් නිදහසේ.




ජීවත් වීම - එතරම් නිදහසේ,
මිය යාම - මෙලෙස නිවහනේ දී.
වෘක බිම,
පිගූ පලාල.


1939.
( යුද්ධය නිවේදනය කල දිනය ).
ආන්නා අහ්මාතවා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

කුමක් ද යුද්ධ, කුමක්ද වසංගතය ?..



කුමක්ද යුද්ධ,කුමක්ද වසංගත?
ඒවායේ අවසානය පෙනෙන්නේ ය කඩිනමින්,
ඒවායේ නිනව් මුළුමනින්ම නිශ්චිතය.
එනමුත් කවරෙක්ද අපිව රකින්නේ ඒ සංත්‍රාසයෙන්,
ගෙවුනු කාලය වරක් බෞතිස්ම කල ?

1961.
ආන්නා අහ්මාතවා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, April 10, 2017

හේමන්ත උපුලී.





හේමන්ත රැයේ මංකඩ එතරම්ම දිගය,
හේමන්ත රැයේ මට නින්ද නොඑන්නේ ය :
තොල්ලෙන් හා පොත්රාක්ක වලින්
රාත්‍රියේ ගොරොක් වියන් අතරින්
සහන් එළිය පළොල් වන්ව ගලායන්නේ ය.

රිදීවන් කුඩා කුප්පි
පෙරළමින් නිදිබර පවන තුල
උපුලී වැක්කෙරුවේ ය පෙර නොවුවිරූ
මනා සුවඳැති පානයක් මට.

ඒවා දබරාවෙන් ප්‍රාණවත්ව
කාව්‍යමය කූඩුව තුල
තුටු මම මිහිලොල් හලාහල
මහත් පීඩාවෙන් චින්තක තටාකයේ..

සුදු බඳුනක දියවන්නේ ය පුරුක්
ආවර්ජන දම්වැලේ,
හලාහලෙන් මෙහොතක් තුල
දැනුමෙන් පෙනෙන්නේ ය අවිද්‍යාව.

අනෙන්ස්කි ඉන්නොකෙන්ති.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Wednesday, April 5, 2017

හදිසි වැස්ස.



හදිසි නොවන්න, කලබල නොවන්න, රැඳෙමු.
අමතක කරමු මෙහොතකට හදිස්සි කටයුතු.
බලන්න : ප්‍රාණවත් විය තණ, වැස්සෙන්
හා වියපත් ගස් තිරිහන් විය.

චිරි චිරි ගැවේ ය පතුල් යට තෙත වැලි.
පෑදි නිල පුපුරා විහිදෙන මේකුළු මතින්.
ඇල වූ කුදු දේදුන්න
පාවිය ඉගිලෙන්නේ ය වැස්ස.


සලිත වන්නෝ ය ගිණිගත් කුළුණු,
දැවෙන්නේ ය වළාකුළු ... එවන් මෙහොතක
සරල අරණෙන් අංකුර ලන්නේ ය හතු
හා පද්‍ය දැකුම් අල්ලාගන්නේ ය පැලෑටි.

ගල් හා තණ ගයති වැස්සේ,
රිදි පාටින් දිළෙන්නේ ය විලේ දිය.
කලබල නොවන්න, පලා නොයන්න, රැඳෙමු,
සවන් දෙමු දයාබර හඬට සොබාදහමේ.


1935.
එදුආර්ද් අසාදෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Saturday, April 1, 2017

විප්ලවය.




කුමක්ද විප්ලවය? කළබැගෑනිය,
චණ්ඩමාරුතය, උදුරා දමන මුලින්ම
සියක් වසරක දේවදාර,
නැවුම් වන ගර්භය
සුළඟින් ආඩම්බර වන්නේ ය,
පණගැන් වෙන සියලු චණ්ඩමාරුත,
මර්දනය කරමින් බෙහෝ කුණාටු!
දෙවියෝ. සමූහයා,
ඇහිබැම අකුළවමින්,
වනාන්තර භූමිය
නව බීජ සඳහා,
අනාගත අස්වැන්න සඳහා,
පැහැදිලිවන්නේ ය හුස්ම ගැනීමෙන් මුව සර්වබළධාරි!
විප්ලවය - චන්ඩමාරුතයකි. එය
සාගර මතින්
පියාසරකරන්නේ ය නැඩ කුණාටුවක් මෙන්,
සළකුණු කරමින් ජලයේ ගැඹුරට,
විපත
හා යාත්‍රාව,
අල්ලා ගනිමින් සයුර තුල!
එතන
විසල් නෞකාව හා නොවටිනා කුඩා බෝට්ටුව
එකලෙස බිඳෙන් සුළු,
එහිදී
විවෘත සෙහොන් දහසක් සඳහා,
එහි කිසිවෙක් නොවේ
ඉදිරිය නොපෙනෙන ඉරණම : සියල්ලෝ - අන්ධය!
කුමක් ද
අපගේ අල්ප ශක්තිය
ඉච්ඡාව ඉදිරියේ මූල ධාතුව!
විප්ලවය - කලබැගෑනියකි.....

1917.
වලේරී බෘසෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Sunday, March 26, 2017

මගේ සිහින.




මගේ සිහින නැඹුරු වන්නේ ය ඈතට,
එතැන ඇසෙන්නේ ය කෑ ගැසීම් හා ඉකිබිඳීම්,
වෙනෙකෙක් බෙදාහදා ගන්නේ ය සන්තාපය
හා මාරාන්තික දරුණු ගැහැට.

මට එහිදි තමාවම සොයාගැනීමට හැකිය
සන්තුෂ්ටිය ජීවිතයේ, අත්‍යානන්දය,
හා එහිදී, නොසලකා ඉරණම,
සෙවීම කැමැත්තෙමි අනුප්‍රාණය.

1915.
සෙර්ගේයි යෙසීනින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Thursday, March 23, 2017

කඳුළු.



කඳුළු ..... යලි ඒ කටුක කඳුළු,
වියෝගී උකටලීබව හා ශෝකයබව ;
නැවත අන්ධකාරය ... හා බුන් දවල් හීන
රැගෙන ගියෝ ය නිමක් නොපෙනෙන ඈතට.

කුමක් ද ඉක්බිතිව? යලි ඒ කම්කටොළු ?
නැත, ඇති පදමට .....විවේකයට කාලයයි
අමතක කිරීමට ඒ ශෝකී ස්වර,
මේ වන විටත් වෙහෙසට පත්විය ලපැත්ත.

කිවියා කවරෙක්ද ඒ බර්ච් සෙවන යට ?
ස්වර මට පුරුදුයි වාගේ
ඒ කඳුළු යලිත්..... ඒ කඳුළු
අභිරුචිය උපන්බිමේ.

එනමුදු මම ම සුන්දර උපන්බිමේ,
කඳුළු තුල මිලින කළෙමි තම ශෝකය.
ඔහ් පෙනෙන්නේය සීතල සෙහොන තුල
මාගේ කිරා වැටීමට හා නින්දයාම.

1915.
සෙර්ගේයි යෙසිනින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.