හදිසි නොවන්න, කලබල නොවන්න, රැඳෙමු.
අමතක කරමු මෙහොතකට හදිස්සි කටයුතු.
බලන්න : ප්‍රාණවත් විය තණ, වැස්සෙන්
හා වියපත් ගස් තිරිහන් විය.
චිරි චිරි ගැවේ ය පතුල් යට තෙත වැලි.
පෑදි නිල පුපුරා විහිදෙන මේකුළු මතින්.
ඇල වූ කුදු දේදුන්න
පාවිය ඉගිලෙන්නේ ය වැස්ස.
සලිත වන්නෝ ය ගිණිගත් කුළුණු,
දැවෙන්නේ ය වළාකුළු ... එවන් මෙහොතක
සරල අරණෙන් අංකුර ලන්නේ ය හතු
හා පද්‍ය දැකුම් අල්ලාගන්නේ ය පැලෑටි.
ගල් හා තණ ගයති වැස්සේ,
රිදි පාටින් දිළෙන්නේ ය විලේ දිය.
කලබල නොවන්න, පලා නොයන්න, රැඳෙමු,
සවන් දෙමු දයාබර හඬට සොබාදහමේ.
1935.
එදුආර්ද් අසාදෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
ලස්සනයි මේක. ගොඩක් දවසකින් මේ පැත්තේ එන්න බැරි වුණා.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි. නිතර එන්න පුළුවන්නම් හොඳයි. අදහස් වටිනවා.
Delete