Saturday, April 1, 2017

විප්ලවය.




කුමක්ද විප්ලවය? කළබැගෑනිය,
චණ්ඩමාරුතය, උදුරා දමන මුලින්ම
සියක් වසරක දේවදාර,
නැවුම් වන ගර්භය
සුළඟින් ආඩම්බර වන්නේ ය,
පණගැන් වෙන සියලු චණ්ඩමාරුත,
මර්දනය කරමින් බෙහෝ කුණාටු!
දෙවියෝ. සමූහයා,
ඇහිබැම අකුළවමින්,
වනාන්තර භූමිය
නව බීජ සඳහා,
අනාගත අස්වැන්න සඳහා,
පැහැදිලිවන්නේ ය හුස්ම ගැනීමෙන් මුව සර්වබළධාරි!
විප්ලවය - චන්ඩමාරුතයකි. එය
සාගර මතින්
පියාසරකරන්නේ ය නැඩ කුණාටුවක් මෙන්,
සළකුණු කරමින් ජලයේ ගැඹුරට,
විපත
හා යාත්‍රාව,
අල්ලා ගනිමින් සයුර තුල!
එතන
විසල් නෞකාව හා නොවටිනා කුඩා බෝට්ටුව
එකලෙස බිඳෙන් සුළු,
එහිදී
විවෘත සෙහොන් දහසක් සඳහා,
එහි කිසිවෙක් නොවේ
ඉදිරිය නොපෙනෙන ඉරණම : සියල්ලෝ - අන්ධය!
කුමක් ද
අපගේ අල්ප ශක්තිය
ඉච්ඡාව ඉදිරියේ මූල ධාතුව!
විප්ලවය - කලබැගෑනියකි.....

1917.
වලේරී බෘසෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment