Saturday, June 3, 2017

කළු කපුටා, සුදු හිම.




කළු කපුටා, සුදු හිම.
අපේ රුසියානු සිත්තම.
දැවෙන්නේ ය හිම තුල දං ගෙඩි
වෙනත් දෑ වඩා දීප්තිමත් සැතපුම් ගල්.

කළු දේවදාර, සුදු දුමාරය.
අපේ රුසියානු සන්ත්‍රාසය.
නද දෙන්නේ ය, නද දෙන්නේ ය මාවත
අළුවන් නිහඬතාවය මතින්.



කළු කපුටා, සුදු හිම.
ඔදාත සිහින හිම මංකඩ මතින්.
නත්තල. කටයුතු කිරීම - පාප.
පද්‍ය - ඉඳුරාම කිස

නොකිස - වේදනාව ආත්මයේ.
අපේ රුසියානු වියවුල.
මෝහනීය ගායනය
පවනක් සේ - ඉපියාව තුල.

ජීවිතය සිනහවක් පමණක් සේය,
බබලන දං ගෙඩි පමණක්,
සදාතනික සිත්තම පමණක්
කළු කපුටා, සුදු හිම.

1978.
අනතෝලි ෂිගූලින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, June 2, 2017

සැබෑව.

කවරෙක් ද පරිකල්පනය කරන්නේ සැබෑව
කොටස්වලට බෙදීමට
සැබෑවේ නාමයෙන්
බොරුව මවන්නේ ය?

ඒ සිරුර ජීවී
පැණි රස නැති පස්තෑල
කපාදැමීමට හා රුගෙන යාමට
ඔබින කැබැල්ල.

පිරුණු සැබෑව පමණක්
ජීවී හා සැබෑව.
එනමුදු නොපිරුණු සැබෑව
හිස් වදන් ය.


1966.
අනතෝලි ෂිගූලින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Thursday, June 1, 2017

ක්‍රිමියාවේ ඔක්තෝම්බරය.





ක්‍රිමියාවේ ඔක්තෝම්බරය
තාරුණ්‍ය නැවත පැමිණියා සේ.
විනිවිද‍ පෙනෙන්නේ ය ගුවන
නබෝගැබ තද නිල්පැහැය.
මැයි මස සේ
මිතුරු රැහැයි ගීත කණ්ඩායම,
උදෑසන පමණක්
ඔවුන්ව බිය ගන්වන්නේ ය මල් තුහින.

මම සිසිරය
පටලවා ගත්තෙමි වසන්තය සමගින්.
මට වැටහුනා පමණයි,
කවරෙක් කුමකට වරදකරුද කියා.....

යූලියා ද්‍රනිනා.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

ස්තෙප් හීදි.


පිරි මදින්නේ ය නිරුවත් උරපතු
වියළුණු උණුසුම්.
තුෂ්නිම්භූත තණකොළ පෙත්තා
ම‍ගේ උරහිසට පියඹා ආවේය.

මම තැති ගනිමි සළිතවන්නට,
මම විශ්වාසයෙන් මාන්නක්කාරය.
ස්තෙප් - තඹ තසිමක් සේය.
කුමක්ද දිදුළන්නේ ? සිලිල!

දොළ මන නොබඳින,
නමුදු සිලිල එය තුල පැණි රසය...
කුමක් ද දිදුලන්නේ ගිණි පුලිඟුවක් සේ
ඉඳුරාම කවියකි?

යූලියා ද්‍රනීනා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Wednesday, May 31, 2017

යක්ෂයා සමග නුරාවෙන්.



කෙතරම් සුදුමැළි හා ලකල් නයිට්වරයා
පිම්මේ ගියේ ය කළු තුරඟා මතින්,
කිනම් දිව්‍යමය විහඟෙක් ද
කරකැවුනේ ය ඔහු මතින් ආකාසේ ?

ශෝකී බැල්මක් ඔහු මුදා හැරීයේ ය
මගේ මලින්බර කවුළුව මතට,
ඇයි ද මට දැනෙන්නේ දැරිය නොහැකි බවක්
උපන් දෙස දිගු කලක සිට හඳුනන ?

ඇයි ද මගේ වැඩිමල් සෙහොයුරා භීතියේ
ප්‍රකම්පනයේ මන්ද දීප්තියෙන් සෙලවෙමින් ඇවිලෙන්නේ ය ඉටිපහන්
පිටතට ගත්තේ ය උමගෙන් කවචය
හා මුවහත් කලේ ය හෙලි හා අසිපත් ?

ඇයි ද අද පල්ලියේ
සියල්ලෝ එක්රැස් වූයේ, කියෙව්වේය ගීතිකා,
අන්ධකාරයේ පූජකයෝ ගැයුවෝ ය
දිවුරුම තිමිරයට හා අන්ධකාරයට එරෙහිව?

පහතට වැටුනේ ය අන්ධකාරයේ නක්ෂත්‍රචාර්යා
සූනියම් කුළුණ සමගින් නිවසේ,
ඇයි ද එතරම් නොපුරුදු දිගු කලක් වූයේ
ඔහුගේ වාදය මගේ මහළු පියා සමගිනි?

නොදනිමි මම, කිසිවක් නොදනිමි,
මම තවමත් එතරම්ම තරුණය,
එනමුදු මම නොවැළපෙන්නේමි, ඉකිබිඳිමි,
සිහින දකිමි සැමදා.

1907 අප්‍රේල්.
නිකළායි ගුමිලේෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, May 26, 2017

වසන්තයේ දුම්රිය.





පළමු  දිනය. දුම්රිය වේගයෙන්
ඇදෙන්නේ තියෝප්ලස්තාන් වෙතින්ය.
කවුළු තුළින් ඉගිලෙති ගිරි,
ගස් හා ටියුලිප් මල්.

පසුව කාලසටහන මත
පාළු ශ්‍රීෂ්මාධික සහින් හඬ
නැවතුම් පල, හැඳින්වෙන!
සක්සාඋල්.

දෙවන දිනය. එනමුදු සියල්ල එසේමය
පාළු නිස්සාර පළාත.
ඔබ හිතනවාද කවදාද
අවසන් වන්නේ එය?

ඉතින් මෙන්න වනාන්තර හා ස්ටෙප්ස් තණ බිම්.
මම අධෛර්ය්‍යට පත් නොවීම පිණිස,
සියළු ප්‍රභාවයන් තුල
ගලන්නේ ය උරාල් ගඟ.

තෙවන දිනය. දකිමි නැවතත්
සුන්දර වනපෙත්.
තම්බෝෆ් අක්ෂාංශය මත
ආසිරිගන්වති වසන්තය.

වේගය ලබාගනිමින්,
ගුවන් යානයක් සේ “ දුම්රිය 2 “
ඉගිලෙන්නේ ය වසන්ත දුම්රිය
ආල්මා ආතා - මොස්කව්!


නිකළායි ග්ලාස්කෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු. 

Thursday, May 25, 2017

අැපල් මල.






සුදුවතින් බබළයි ඇපල් මල
කලකිරීමක් නැත.
ලාලනය කරති බැල්ම අරණේ හා ඔවිටේ
එනමුත් නැත තුසර.
ගලයි ප්‍රබෝදමත් ඟග
හා ඉවුරු
කැරකැවෙන්නා සේ
මියුරු ජලය ආසන්නයේ.

කදිමට සියලු ජනයාට හැක්කේ ය
කිමිදීමට මෙහි.
හිරුගේ සිනහව සොදුරු පැයේ දී
අප තෙක් විහිදෙන්නේ ය.
උණුසුම ලකල් ය ගිම්හාන දිනයේ,
සෙවනැල්ල ආසන්නයේ.
අන්න එලෙස හා විතාරන්නේ ය මගේ කවි
එවායේ ඒකත්වය.


1976.
නිකළායි ග්ලාස්කෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.