Thursday, June 1, 2017

ස්තෙප් හීදි.


පිරි මදින්නේ ය නිරුවත් උරපතු
වියළුණු උණුසුම්.
තුෂ්නිම්භූත තණකොළ පෙත්තා
ම‍ගේ උරහිසට පියඹා ආවේය.

මම තැති ගනිමි සළිතවන්නට,
මම විශ්වාසයෙන් මාන්නක්කාරය.
ස්තෙප් - තඹ තසිමක් සේය.
කුමක්ද දිදුළන්නේ ? සිලිල!

දොළ මන නොබඳින,
නමුදු සිලිල එය තුල පැණි රසය...
කුමක් ද දිදුලන්නේ ගිණි පුලිඟුවක් සේ
ඉඳුරාම කවියකි?

යූලියා ද්‍රනීනා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment