Saturday, June 3, 2017

කළු කපුටා, සුදු හිම.




කළු කපුටා, සුදු හිම.
අපේ රුසියානු සිත්තම.
දැවෙන්නේ ය හිම තුල දං ගෙඩි
වෙනත් දෑ වඩා දීප්තිමත් සැතපුම් ගල්.

කළු දේවදාර, සුදු දුමාරය.
අපේ රුසියානු සන්ත්‍රාසය.
නද දෙන්නේ ය, නද දෙන්නේ ය මාවත
අළුවන් නිහඬතාවය මතින්.



කළු කපුටා, සුදු හිම.
ඔදාත සිහින හිම මංකඩ මතින්.
නත්තල. කටයුතු කිරීම - පාප.
පද්‍ය - ඉඳුරාම කිස

නොකිස - වේදනාව ආත්මයේ.
අපේ රුසියානු වියවුල.
මෝහනීය ගායනය
පවනක් සේ - ඉපියාව තුල.

ජීවිතය සිනහවක් පමණක් සේය,
බබලන දං ගෙඩි පමණක්,
සදාතනික සිත්තම පමණක්
කළු කපුටා, සුදු හිම.

1978.
අනතෝලි ෂිගූලින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment