Thursday, May 25, 2017

අැපල් මල.






සුදුවතින් බබළයි ඇපල් මල
කලකිරීමක් නැත.
ලාලනය කරති බැල්ම අරණේ හා ඔවිටේ
එනමුත් නැත තුසර.
ගලයි ප්‍රබෝදමත් ඟග
හා ඉවුරු
කැරකැවෙන්නා සේ
මියුරු ජලය ආසන්නයේ.

කදිමට සියලු ජනයාට හැක්කේ ය
කිමිදීමට මෙහි.
හිරුගේ සිනහව සොදුරු පැයේ දී
අප තෙක් විහිදෙන්නේ ය.
උණුසුම ලකල් ය ගිම්හාන දිනයේ,
සෙවනැල්ල ආසන්නයේ.
අන්න එලෙස හා විතාරන්නේ ය මගේ කවි
එවායේ ඒකත්වය.


1976.
නිකළායි ග්ලාස්කෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment