Wednesday, June 1, 2016

හේමන්ත ප්‍රභාතය.


තුහින හා බාසුරු; දිනිති අසිරිමත්!
තවමත් නිදිවරද නුඹ, එය පුජනීයයි.
කාළය එළැඹී ඇත විලාසිනියේ, පිඹිදෙන්න.
විවර කරන්න ප්‍ර‍බොධමත් අගුළු,
හමුවට උත්තර අරුණාලෝකයේ,
උතුරු තරුව පායා එනවා.

සැඳැසාදය, මතකද නුඹට හිම කුණාටුව,
මහත් වේගයෙන් පැතිරගිය.
ගුප්ත නබෝගැබ හීන් මීදුම පළදින්නේය.
පුන්සිසි, පිපිහළු ලපයක් සේය.
නොනැවතී වළාකුළු උග්‍ර පඬුවන්විය.
නුඹ දුක්මුසුව වාඩිවී සිටින්නීය.
එවිට එබී බලන් කවුළුවෙන්,

නීල තිදස යට,
උත්තම බුමුතුරුණුවන්,
හිරුකැන් යට, හිම වැතිර ඇත.
විනිවිද පෙනෙන අරණ, එකලාව කළුවන් වන්නේය.
ෆර් ගස් ( නත්තල් ගස් ) අතරින් හැළෙන තුසර හරිතවන් වන්නේය.
ආර මිදුනු ජල කඳ යටින් දිදුළන්නේය.

කුටි සියල්ල තෘණමණීවන් කාන්තියෙන් ප්‍රදීප්තය.
ඉපිළෙන සරදමකින් පුපුරන්නේය උතුරායන උඳුන.
ප්‍රියයි සිතිමටත් සයනය මත.
නමුත් නුඹ දන්නෙහිද: නියෝග නොකරන්නේද යකුලට.
තලඑළලු තුරුණු වෙළඹට තහනම් කරන්නේද?

ලිස්සායන්නට ප්‍රභාතයේ හිම මත.
ප්‍රිය මිතුර. ඉඩදෙම්ද පලායාමට,
නොඉවසිලිමත් තුරඟාට,
දැකීමට යන්නෙමු මුඩු කෙත.
අරණ, නොබෝදා එතරම් මුඩු විය.
ඉවුරු ප්‍රියයි මා හට.

අලෙක්සාන්දර් සිර්ගේවිච් පුෂ්කින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

4 comments:

  1. මේ කවි පෙලේ පරිවර්තනය නිකම් පරිවර්තනයක් කියල හිතෙනවා. සමාවෙන්න එහෙම කිව්වට.
    ෆර් ගස් ( නත්තල් ගස් ) මෙහම ලියන්න අවශ්‍යත් නැහැ.
    //ලිස්සායන්නට ප්‍රභාතයේ හිම මත.

    ප්‍රිය මිතුර. ඉඩදෙම්ද පලායාමට,
    නොඉවසිලිමත් තුරඟාට,
    දැකීමට යන්නෙමු මුඩු කෙත.
    අරණ, නොබෝදා එතරම් මුඩු විය.
    ඉවුරු ප්‍රියයි මා හට.// අදහස් හරියට ගම්‍ය වෙන්නේ නැහැ.

    //කුටි සියල්ල තෘණමණීවන් කාන්තියෙන් ප්‍රදීප්තය.
    ඉපිළෙන සරදමකින් පුපුරන්නේය උතුරායන උඳුන.
    ප්‍රියයි සිතිමටත් සයනය මත.
    නමුත් නුඹ දන්නෙහිද: නියෝග නොකරන්නේද යකුලට.
    තලඑළලු තුරුණු වෙළඹට තහනම් කරන්නේද?// අදහස තේරෙනවා . නමුත් වෙනස් කරලා ලියන් වෙයි ගැලපීම එන්න.

    ReplyDelete
  2. НЕЧЕГО.නැවත කියවන්නම්. නමුත් මේ පුෂ්කින්.

    ReplyDelete
  3. පුෂ්කින් අමාරුයි තමයි.

    ReplyDelete
  4. මා පැවසීමට අදහස් කලේ ඔහු පරිවර්තනය කිරීමට ඇති අපහසුව නොවේ. ඔහුගේ ව්‍යංගය පිළිබඳවයි.

    ReplyDelete