Tuesday, June 7, 2016

හේමන්ත සැඳෑව.

කුණාටුව අන්ධකාර අහස්කුස වසන්නේය.
සුළි සුළඟ තුසර කැටිකරන්නේය.
එවිට මෘගයා සේ කුණාටුව මොර දෙන්නේය.
එවිට හැඬිමට පටන්ගන්නේය, නොදරුවන් සේ,
එකල්හී පියස්ස මත, දිරාපත්,
එකෙනෙහිම පිදුරු හඬනගන්නට පටන්ගත්තේය.
එවිට යාත්‍රිකයෙක් සේ ප්‍රමාදවූ,
අප වෙත කවුළුතුලින් තට්ටුකරන්න පටන්ගත්තේය.

අපගේ ගරාවුටුණු පැළ,
නලංගුය හා අන්ධකාරය.
කිමෙක්ද නුඹ මගේ මහළු ළමාතැනියේ,
නිහඬවන්නේ කවුළුව අසල?
කැළඹීම් කැඳවන්නෙමුද,
වෙහෙසටපත් මගේ මිතුරියේ නුඹ.
නුඹ නිදිබරද කෙඳිරිල්ලත් සමග,
කෙසඟ ලියේ මාගේ.

සප්පායම්වෙමු කලණ මිතුරියේ,
අසරණ තාරුණ්‍ය මාගේ,
සප්පායම්වෙමු කම්පාවත් සමග. කොහේද ජෝගුව?
හද සතුටින් ඉපිලෙන්නේය.
ගයන්න මට ගීතයක් සූටික්කා සේ.
නිහඬව එතෙර විසුවාය.
ගයන්න මට ගීතයක්, ලමිස්සියක් සේ.
සලිල සමගින් ප්‍රභාතයේ පිටවුවාය.

කුණාටුව අන්ධකාර අහස්කුස වසන්නේය.
සුළි සුළග තුසර කැටිකරන්නේය.
එවිට මෘගයා සේ ඇය මොරදෙන්නේය.
හඬන්නට මුල පුරන්නේය ළදරුවන් සේ.
සප්පායම් වෙමු කළණ මිතුරියේ,
අසරණ තාරුණ්‍ය මාගේ,
සප්පායම්වෙමු කම්පාවත් සමග. කොහේද ජෝගුව?
හද සතුටින් ඉපිලෙන්නේය.

1825.
අලෙක්සාන්දර් සිර්ගේවිච් පුෂ්කින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. සලිල
    නලංගුය
    මේ දෙවදනේ තේරුම් කියන්න පුලුවන්ද
    නලංගුය ද නලංගුවද

    ReplyDelete
  2. සලිල - ජලය
    නලංගුය - දුක්මුසුය

    ReplyDelete