Wednesday, July 6, 2016

අභිරහස.



                                   පියෝතර් ද්මිත්රියෙවිච් බුතුර්ලීන්.



සෑම ජිවිතයක් තුලම ඇත අභිරහස් පිටුවක්,
සෑම හදවතක් තුලම ඇත වසන්වූ අවතාරයක්,
මුනිවරයෙක් පවා, සොහොනක් තුල වූ අදුර සේ,
රැකගන්නේය ආත්මය තුල පෙර වේදනාවන්.


කෙසේ වුවත් වේගවත් වසර අතුරුදහන් කලේය බැඳිම,
කෙසේ වුවත් අවසානයේදී ජයගත්තේය විස්මෘතිය
අතීත හැඟිම, කටයුතු හා පුඟුලා
මැලවිය වා ගුල්මය තුල නව පරිචයන්-


එසේ වුවත් සියල්ලම අතරින් පතර ඊනියා අවතාරය ඈත අතීත,
නාඳුනන සුවච සූනියම්කරුවෙක්,
ඇසිල්ලක් මත ජීවි හදවතින් යලි උපදින්නේය;


දරුණු නැත, නින්දිත නැත, හුදෙක් සෝචනීයයි,
පෙර ශක්තිය තුල නොවේ ඔහු දඬුවම් කලේ වේදනාවෙන්,
නමුත් කෙසේද ඔහු වාඩුව ගන්නේ! හෘදය සාක්ෂිය සේ ඔහු තැත්ගත්තේය!




1887
පියෝතර් ද්මිත්රියෙවිච් බුතුර්ලීන්.
රුසියන් බසින් සිංහල බසට,

ෆිලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment