Friday, July 8, 2016

සමුදෙන්න.



                   ෆේලික්ස් වසිමෝවිච් වල්හෝව්ස්කොයි.




සමුදෙන්න, කොබෙයියා සෙනෙහෙවන්ත:
මට තවත් දැකීමට නොහැක නුඹ!
ඉතිරී යන්නේ නැත ප්‍රමෝදය, ආදරය,
දැනසිටියාය නුඹ මා සමග, සෙනෙහෙබර!


සමුදෙන්න! අමතක කරන්න මෙ මා පළමුව,
පරිසමාප්ත, යදිමි නුඹට, ජීවත්වන්න.
වේය වාසනාවන්ත කාර්යයේ, ආදරයේ;
බලන්න ඉදිරිය, බලන්න වඩා උද්යෝගිමත්ව!


එහෙත් මම .... විඩාපත්ය සිපිරි ගෙයින්,
රෝගී ළදරුවෙක් වසර තිහක් මුළුල්ලේ,
මුසාපවසමි මම,  ආර්යාව ප්‍රතිඥා දෙන්නේ නම්
සෙහොන තෙක්  ඔබේම වන්නෙමි ආත්මයෙන්;


නමුත් කුමක්ද මම තවත් හිමිකරගන්නේ,
එය අවංක ආදරයේ බිඳිත්තය -
නැවත හමුව ඇගේ රුහිරු තුල වේ,
විශ්වාස කරන්න, නුඹේම වන්නෙමි.


1876,
ෆේලික්ස් වසිමෝවිච් වල්හෝව්ස්කොයි.
රුසියන් බසින් සිංහල බසට,

ෆිලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment