Monday, August 29, 2016

කැරකොප්පුවේදී.



 අර්සේනි අලෙක්සේවිච් ස්මිර්නෝෆ්.

ඔබේ සිහින සැබැවිය.
මැඩපැවැත්වෙන්නේය තම පෙළඹවීම්,
මම සිටියෙමි කළු කුරුසිය අසල
සිටිමි ඔබ ඔබ එනතුරු, හොල්මනක් සේ.

කුමක්දෝ අවතාර වදුලක් වටා
ශෛලමය සොහොන් කොත්, කුරුස, දේවස්ථාන,
රෑ අහසේ රාශි පවා
එම කැරකොප්පුව මත අසමානය.

එහිදී නම් කරන්නේය නියමයන්,
කොතැනද නියම කරන්නේ අවමගුල!...
නමුත් මෙන්න දකින්නේය සිහින - එසේ වුවත් යථාර්ථය -
මට ඇසෙන්නේය මර්මර නදේ මංතලව්ව.

නුඹ පැමිණියාය .... කපු රෙද්ද යටින්
මම හඳුනා ගනිමි ගති ලක්ෂණ රාජිනියගේ.
ඔහ්, මියගිය අප අතර ඔබ සමගින්
ජීවමාන වන්නෙමු උදාතරුව තෙක්!

අල්වින්ග් අර්සේනි.
( අර්සේනි අලෙක්සේවිච් ස්මිර්නෝෆ්.)
රුසියන් බසින් සිංහල බසට,

ෆිලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. මියගිය පෙම්වතිය සංවේදී බැවින් තොර කවි පෙලක්සේ තමයි හිතෙන්නේ.

    ReplyDelete
  2. ඔබ නිවැරදියි. ඒ නිසාමයි මේ උත්සහය මම ගත්තේ.

    ReplyDelete