Friday, January 20, 2017

මම පිබිදුනෙමි අරුණොදයේ.





මම පිබිදුනෙමි අරුණොදයේ.
නබෝ ගැබේ එකඳු වළාවක් නැත.
එනමුදු පෙරදින වැස්ස වැටුනේය හා සුළං හැමුවේය,
ලොවම දැවෙන කඳුළු තුල ගිලුනේය.

කවරෙක්ද එතරම් ඉහළ -එතරම් ඉහළ
නබෝ ගැබ තුල නැගි සිටින්නේය මුසුන සමගින්
හා අතුගා දැමුවේය ඇසිල්ලකින්
අහස, බාධාකාරී මීදුම?

රසූල් ගම්සාතෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු. 

2 comments: