Friday, January 27, 2017

වඩාත් විශාල හා වඩාත් බබළන වසන්තය.




වඩාත් බර හිම ද්වාරමණ්ඩපයේය.



වඩාත් විශාල හා වඩාත් බබළන වසන්තය
කුරුල්ලන්ගේ ඒ ගී නද කෙළිලොල් ය.
එනමුදු ගීතය ඔවුන්ගේ නිහඬ කිරීම අවැසි ය,
යාන්තමින් මිහිකත සුදට හැරෙන්නේ ය.

වඩාත් බර හිම ද්වාරමණ්ඩපයේ ය.
වඩාත් බලාපොරොත්තු රහිත අයහපත් කාළගුණය හා
ගායකයාගේ වඩාත් පොපියන ගීතය
තුළ වඩාත් උණුසුම හා වඩාත් ලාලසාව ය.

රසූල් ගම්සාතෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

4 comments: