Monday, April 10, 2017

හේමන්ත උපුලී.





හේමන්ත රැයේ මංකඩ එතරම්ම දිගය,
හේමන්ත රැයේ මට නින්ද නොඑන්නේ ය :
තොල්ලෙන් හා පොත්රාක්ක වලින්
රාත්‍රියේ ගොරොක් වියන් අතරින්
සහන් එළිය පළොල් වන්ව ගලායන්නේ ය.

රිදීවන් කුඩා කුප්පි
පෙරළමින් නිදිබර පවන තුල
උපුලී වැක්කෙරුවේ ය පෙර නොවුවිරූ
මනා සුවඳැති පානයක් මට.

ඒවා දබරාවෙන් ප්‍රාණවත්ව
කාව්‍යමය කූඩුව තුල
තුටු මම මිහිලොල් හලාහල
මහත් පීඩාවෙන් චින්තක තටාකයේ..

සුදු බඳුනක දියවන්නේ ය පුරුක්
ආවර්ජන දම්වැලේ,
හලාහලෙන් මෙහොතක් තුල
දැනුමෙන් පෙනෙන්නේ ය අවිද්‍යාව.

අනෙන්ස්කි ඉන්නොකෙන්ති.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

6 comments:

  1. මේකනම් අපුරුයි. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ස්තූතියි.ඔබගේ ඇගයිම් මට අගනේය.

    ReplyDelete
  3. සුපිරි යි...

    නියමයි..

    මට කාලෙකට පස්සේ මෙහෙ එන්නලබුනේ...

    ReplyDelete
    Replies
    1. නිතර නිතර එන්න උත්සහ කරන්න. ඔබගේ අදහස් මට ශක්තියක්.

      Delete
  4. අපූරුයි
    නිතර කමෙන්ට් නොදැම්මත් නිකමට හරි ගොඩ වදිනව.
    කෙටි කතාවක් දෙකක් පරිවර්තනය කරන්නකො. පරණ නෙවී අලුත් යුගයෙ ඒව.
    පුලුවන්ද
    අසයි අලුක් රුසියාව කෝමද බලන්න ;-)

    ReplyDelete
    Replies
    1. ඔව් මම අළුත් කෙටි කතා කීපයක් කියෙව්වා. ඒවා එතරම් උසස් ඒවා නෙවෙයි. උසස් රසයක් ඇති එකක් ඉක්මනට පරිවර්තනය කරන්නම්.

      Delete