Wednesday, April 5, 2017

හදිසි වැස්ස.



හදිසි නොවන්න, කලබල නොවන්න, රැඳෙමු.
අමතක කරමු මෙහොතකට හදිස්සි කටයුතු.
බලන්න : ප්‍රාණවත් විය තණ, වැස්සෙන්
හා වියපත් ගස් තිරිහන් විය.

චිරි චිරි ගැවේ ය පතුල් යට තෙත වැලි.
පෑදි නිල පුපුරා විහිදෙන මේකුළු මතින්.
ඇල වූ කුදු දේදුන්න
පාවිය ඉගිලෙන්නේ ය වැස්ස.


සලිත වන්නෝ ය ගිණිගත් කුළුණු,
දැවෙන්නේ ය වළාකුළු ... එවන් මෙහොතක
සරල අරණෙන් අංකුර ලන්නේ ය හතු
හා පද්‍ය දැකුම් අල්ලාගන්නේ ය පැලෑටි.

ගල් හා තණ ගයති වැස්සේ,
රිදි පාටින් දිළෙන්නේ ය විලේ දිය.
කලබල නොවන්න, පලා නොයන්න, රැඳෙමු,
සවන් දෙමු දයාබර හඬට සොබාදහමේ.


1935.
එදුආර්ද් අසාදෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. ලස්සනයි මේක. ගොඩක් දවසකින් මේ පැත්තේ එන්න බැරි වුණා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. නිතර එන්න පුළුවන්නම් හොඳයි. අදහස් වටිනවා.

      Delete