Saturday, January 11, 2020

රෑමුව.


සන්තෘෂ්ටිය - සැම දිනක ම අපි සිතමු.
සන්තෘෂ්ටිය සෑම තැනම.
සමහර විට එය
මේ සිසිර උයනේ මඩුවෙන් එහා
නෑඹුල් මද නළ, කවුළුවෙන් වෑහෙයි.

ඉමක් නැති සැහැල්ලු ඕදාත අහසේ අද්දර
පිබිදෙන්නේ ය, කාන්තිමත් වන්නේ ය මේකුළු
කලකට මත්තෙන් මේකුළු වලින් එහා අසමි
අපි අඩුවට දකිමු, හඳුනා ගමු
සන්තෘෂ්ටිය පමණක් අතීතයෙ දී අවබෝධ කර ගත්.

කවුළුව විවර ය. හීන් හඬ නැගුවේ ය හා අසුන් ගත්තේ ය
ජනේල් පඩිය මත විහඟා. පොත කියවීමෙන් විඩා පත් දෑස්
මම ඉවත් කරමි මෙහොතකට.

දවස අවසානයට ලඟා වන්නේ ය, අහස බොල් ය.
ගිගුම් දුන්නේ ය කොල මැඩීමේ හඬ කමතේ
මම දකිමි, අසමි, වාසනාවන්ත ය. සියල්ල මා තුළ ය.

ඉවාන් බුනින්.
රුසියන් බසින් සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment