චිත්තාපර මහ,
මැදියම ගැඹුරු ය
ලතා මණ්ඩපය ස්තෙප්හි
හුදකළාවේ
නිහඬ ව කිරා
වැටෙන්නේ ය පැතිරුනු තැන්න
ඇල් මැරී ඇත
රාත්‍රී මද පවන.
පීත රයි, ඈතින්
ප්‍රදීප්ත ය
සයුර තෙක්
ඉමක් නොමැති ව රැඳෙන්නේ ය
සුළඟට හමා යන්නට
විය - ඔවුන් අඩ නින්දේ ය
පැසුණු කරල්
සර සර හඬ නගන්නේ ය.
සුළඟ හමා යන්නට
විය - වළාකුළු තුළ සැඟවෙන්නට විය
මුළු මහ තුළ ම
කැරකෙන්නට විය
මන්දගාමී ව
මෘදු සේයාව තුළට කිඳා බසින්නට විය
ඕවිට හා දෙනිය
අසළින්.
රැල්ලක් සේ
පැතිරයන්නේ ය අඳුරු ගොම්මන කෙත් වතු මතින්
සේ ම ඈත කඩඉම
මතින්
ආලෝකය වළාකුළු
අතරින් පිරී ඉතිරී දිව යන්නේ ය
දීප්තිමත්
කසාවන් තරංගයෙන්.
හීන දැකීමෙන්,
සුරංගනා කතාවන්ගෙන්
හැඟී යන්නේ
රාත්‍රිය විපරිත බව යි
ඇසළ මහේ රාත්‍රී
යාමයන් කාංසාවෙනි, අනුරාගයෙනි
හිමිදිරිය
සුමිහිරි සිහිනයකි.
ඉවාන් බුනින්.
රුසියන් බසින්
සිංහලයට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
හුඟ දවසකින් ආවේ මේ පැත්තේ
ReplyDelete