Monday, October 10, 2016

ගැහැණිය.



ඔහු සුරංගනා කතාවක කුමරෙකුට සමය,
ඔහුගේ දිග් උරුවන් බෑම මහත් පීඩාවකී
නිහැඬියාව බින්දෝය විසල් සත්ව සමූහයා,
කෙසරුන් කෝපාවිෂ්ඨව ගොරවමින් නැගිට්ටෝය.

සැමදා නිශ්චලය, ශෝභනීය හා සුනම්‍ය,
ඔහු සෑම ඉඟියකම ශ්‍රේෂ්ඨ හා නවමු බව විය,
තම බලයෙන් හා වකුටු වූ සිනහවෙන්
ඔහු හීලැ කලේය චණ්ඩ මාන්නක්කාර කෙසරුන්.

එහෙත් සිහිකරමි දිනය, විප්‍රයෝගයේ අපහසු දිනය ....
කෙඳිරීම නොඈඳෙන හා දුක්ඛිත වදන්,
ඔහු හැඬුවේය, ළදරුවෙක් සේ, මගේ දෑත් සිඹිමින් ....
ඔහ්, ඉඳුරාම මම සවිමත් වූවාය කෙසරු අභිබවා?...

1915.
යූරි නිකළායෙව්ච් සුබෝව්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment