Saturday, October 15, 2016

ආදරය.





සේ පවලම්, හිරු පනේල
ඉසින්නේය,  ලාලනය කරවමින් දන ....
එය වූයේ ප්‍රබෝධමත් බක්මහේ
සුවිශාල චතුරශ්‍ර අතරින් වූ එකක් මතය.

නුඹ මාව, හුදකලා වූ, බැල්මෙන්
ඒකාලෝක කළාය, සේ දිනිඳු, අනපේක්ෂිතව ....
ගියෙමි මම අසලින් නුඹ සමග,
සේ වියපත්, ධෛර්යමත් මිතුර.

මා මතකයේ නොරැඳේ, කවරක් අරබයා කතා කළෙමුද ....
නොදනිමි මා, කෙතැනට ගියෙමුද අපි ....
බැල්මෙන් අපි කැඳවීම් විවරකළෙමු,
මදහසින් අපි පිළිවදන් සොයාගත්තෙමු.

ගෙදරට මම අපසුපැමිණි දා,
සියළු දෙනා වටවිය හා ගැයුවේය, නද දෙමින්,
හමුවූ සියල්ලෝම කිසිවකට මුත් සිනාසුනි,
එක් එක් අශ්මරී මා දෙස බැළුවේය!

දැරියකගේ දෙකොපුල් සේ, රත්පැහැ විය
කවුළුවේ වීදුරු, බැස යන හිරුගේ කිරණින් ....
එය වූයේ ප්‍රබෝධමත් බක්මහේ,
නිදිනැති රැයේ මුවවිට.



අළෙක්සේයි පෙත්රෝවිච් ක්රායිස්කි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment