Friday, October 7, 2016

අරණ.




වළාකුල රේන්ද පටියක් සේ අරණ තුල එතුනේය,
සුවඳ හමන මීදුම උරා බිව්වේය.
යමි දුම්රිය ස්ථානයේ සිට අපිරිසිඳු මග ඔස්සේ
ඈතට සොදුරු එළිමහන වෙත.

අරණ දැඩිවිය, තොරව ශෝකය හා ගිගුම,
අඳුර එල්ලා වැටෙන්නේය, සාටකයක් සේ, පයින් ගස්වලට එහායින්.
හදවත ගිලදමන්නේය හඬාවැටෙන කල්පනාවන් .....

දුක්වන්නෝය කෙල්ලන් - කලාතුරකින්,
ගයන්නේය මගේ පුහුණුකරු මත - දක්ෂයා:
“ මම මියයමි සිරකුටියේ යහන මත,
වළදන්නේ මාව කොයි හැටි වුවත් “.




1915.
සෙර්ගේයි අලෙක්සාන්ද්‍රෝවිච් යෙසිනින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment