Tuesday, November 22, 2016

ගිහිගෙය හැරගිය ඈ වෙත.

ගෙදර බුදුන් ළදුනේ,
මා සෙනෙහස පෑ,
ගිහිගෙය හැරගියේ,
උවැටැන් නොලද මනා.

බව පරිවිතය,
පුන්සිසි මගේ මුවා කලා,
රාහු ගිලගනියි,
මොළකැටි අපේ පුන් සොළොස්කලා.

බිව් කිරි සුවඳ,
සොයනා අපේ මොළකැටියා,
දෙතනට මුව යොමා,
සැනහෙයි දහදිය තොල ගාලා.

සුසුමන් හඬතලයි,
ලොව කළඹා නිතිනා,
සසරෙන් එතෙර වන්නට,
පතනෙමි සිත් සොඳිනා.

ෆීලික්ස් ප්‍රනාන්දු.

2016.11.22.
මෙය පරිවර්තනයක් නොවේ.මට දැනිච්ච සිද්ධියක්.

4 comments:

  1. පරිවර්තන වගේම ඔබ තුමාගේ කවියත් අපූරුයි. පරිවර්තනයන් අතරේ මෙවැනි කවියක් ඉදහිට දැමීම වටින්නේය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.නිර්මාණ වලටත් සිත යනවා.

      Delete
  2. ටිකක් වෙනස් ආරකට ලියල වගෙයි තේරෙන්නේ. අර පරිවර්තන වල ශෛලියට ලියල තියෙන්නේ. බිරිඳ මිය ගිහින් ද ?

    ReplyDelete
    Replies
    1. මේක අපේ ආරට ලියු එකක්. රුසියානු ශෛලියට ලියනවා තාම ප්‍රසිද්ධ කලේ නැහැ. බිරිඳ මිය ගිහින්ද කියලා ඇහුවේ මගේද?

      Delete