Saturday, February 18, 2017

1924 වර්ෂයේ ජනවාරී 21.




සැමගේ උරපතු හා ආත්ම වක ගැසෙන්නේ ය,
හා කිසිවෙක් කැමති වූයේ නැත තේරුම් ගන්නට.
ක්‍රෙම්ලීනයේ සිට ඉගිලුනේය සන්තාපය:
“ විසි එක්වනදා මියගියේය ඉලිච්!“

හදවත තුවල වූවා සේය,
හා පතුල් දක්වා ප්‍රකම්පනය වෙමින්,
ඉකිබින්දේය කම්කරු කණ්ඩායම් නගරාසන්නයේ,
කඳුළු වෑහෙමින් නද දෙන උගුරෙන්.

ගමන් කළෝ ය අවමගුලට කෙඳිරියත් සමගින්,
කෙඳිරියෙන් කට වකගැසුනේ ය.
කියෙව්වෙමි මම රතු පතාක මත්තේ,
ඉලිච් කවදාවත් නොමැරෙන්නේ ය.

එහෙත් දුටුවෙමි මම, කෙසේ ප්‍රාකාර සසළ වූයේද,
ඇහුම්කන් දීමෙන් දිවුරුම් කන්නලව්වට.
මම දනිමි, කුළුණු මංඩපය තුල දී
ඒ දිවුරුම ඇසුනේය ඉලිච්ට.

එතරම් කඩිනමින් කටයුතු සිදුවිය,
සවිමත්ව අසිපතෙන්!
අපි යදම් මත සන්තාපයෙන්,
අපි සටනේ ශෝකයෙන්.
පුළුල්ව විහිදෙන්නේ ය උරපතු:
නැත ඉලිච්!

1924.
ඉඕසිෆ් ඌත්කින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment