ජනයා තම ඉදිරිය නොදකිමින්,
නොතකමින් චතුරශ්‍රයේ පිහිටි බංකු,
මංපෙතේ ඇවිදයන්නේ ය අන්ධව,
ස්පර්ශ කරමින් මිහිකත සැරයැටියෙන්.
ඔහුව තල්ලු කරති,
පසුකර යති ඉදිරියට,
හා ඒ මොහොතේ, කඩිමුඩියේ මුහුවන්නේ ය,
කවර ආකාරයෙන් දෝ පෙනෙන ලෙස ආමන්ත්‍රණය කරයි
සංවේදී වන්නේ ය
හා තල්ලු නොකරන්නේ ය.
එහෙත් මට ඇසෙන්නේ ය ඔහුගේ හඩ,
ඝෝෂාකාරි නොවන මනුෂ්‍යත්වයේ:
තල්ලුවන්නේ ය.... එය කිසිවක් නොවේ...
මම දැනගන්නෙමි,
කුමක් ආසන්නයේ ද - මිනිසුන්.
වසීළි ෆියදරෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
No comments:
Post a Comment