Sunday, February 26, 2017

අඳ යුවතිය.



වෙළුනාය අඳ යුවති මල්මුකුටයේ.
කවර මල්ද ඉහිරා දමන්නේ ඇය මල් අතරින්
ඇයට පැහැදිළි කිරීමට හාත්පස සිටි කිසිවෙකුට නොහැකි විය.
අරණ වත්, ඕවිට වත්, හඬ ලන වදුලු වත්.

මල්මුකුටය තුළ සියළු මල් ඇතිරුනේ සමගියෙනි,
පාට වැස්ම වෙනත් පාටක් ගත්තේ ය...
කවර හැඟීමක් උනන්දු කළේ ද ඇයව
තම තෝරාගැනීමේ දී වැරැද්දක් නොවීමට?

ඒ ඇසිල්ලේ දී මම සිහිපත් කළෙමි නුඹව.
නුඹ, දෑස් පෙනෙන, මෙහාට එන්න, අන්ධයා වෙතට,
ඉතා දැඩි ලෙස විස්මිත වන්නේ ය තම දෛවය,
හා සසඳමින් අඳ යුවතියව තමාට

නුඹට හමුවිය මල් මාවතේදී,
හා ඉහිරුවාය අහඹුවක් නොවී - නිසැකයෙන්ම,
එනමුදු නොහැකි වුවා ය හා හැකිවිය විවීමට
නුඹම එකක් බවට පත් කළේ ය මල් යුගලක්.

අන්ධව දිසෙන්නේ ය යා කරන හුය,
එය දිගුකලක් නුඹ නොදකින්නේ ය,
මුළු දිවියම නුඹ යා නොකළේ ය
විසිරුණු බැඳීම් රමණියත්වයේ.

නුඹ මල්මුකුටය දෙස අවසාන වරට බලනු...
රකිමින් අත්ල තම අතවැසියාගේ,
අන්ධයා සමගින් හදවතින් හිස නමන්නේ ය
අන්ධයා ඉදිරියේ පරික්ෂාකාරී ආදරය.

1953.
සිරිගේයි නාරෝෆ්චාතෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment