Friday, February 17, 2017

කවියාගේ ජීවිතය.


ඔහු ආදරයෙන් වෙලි ඇත.


කවියාගේ ජීවිතය
නොවේ සරල එකක්,
දැවෙන්නේ නම් ලාලසාවෙන්,
ජීවිතය කවියාගේ,
එසේය ජීවිතයක් නොවේ, ආහාරයකි,
ආදරයෙන් වෙලී ඇත්නම් ඔහු,
ඒ ඔහු ආදරයෙන් වෙලි ඇත.

ඔච්චම් කළේ ය
ප්‍රීතිමත් ආප්තෝපදේශයකින්,
ඉඟිකෙරුවේ ය තාරකාව
හා මිහිකත යා කළේ ය.
ඔහුට එය
පවුලේ නාට්‍යකි,
ලෝකය ශෝකාන්තයකි
භියජනිත වන.

මාගේ ආදරියේ,
අපි ප්‍රමෝදයෙන් දොඩවන්නෙමු
විශාල වශයෙන්,
යථාර්ථය හමුවීමට වඩා.
අපේ ආත්මයන් තුල
දහසක් ශෝකාන්ත...
හා තව එකක්
නොමැරි ජීවත්වෙමි.

වසීළි ෆියදරෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment