Saturday, January 28, 2017

ගුවන් නියමුවාගේ සොහොන.




නීල, මිශ්‍රලෝහ කැබළි
පෙරලෙන්නේ ය වියළි වැලි තලයේ.
මෙහි සියල්ල :
සටනේ තේජස හා
රුහිරු වෑස්සීම දෙවොලේ .....

යුධ භූමියේ සිට පිටතයට පැමිණියේ ය රංචුව,
අපි ගියෙමු විශ්‍රාම ගැනීමට, නිහැඬියාවට
හා ගුවන් නියමුවාගේ සෙහොන මතින්
අපිට දැනුනේ ය සකළ යුද්ධය.

සකළ.
අගලේ සිට අවසානය තෙක්,
මොර දෙන, උකුස්සෙකු සේ.
විවේකය ගෙවීයන්නේ ද්වේෂයෙන්
හා පහසුකම් නොමැති නගරයක ය.

අපි මිය යන්නෙමු ඉතාමත් සරලව,
අපි වෙනුවෙන් වාද්‍ය වෘන්දයන් නද දෙන්නේ නැත.
එයට ඉඩ දෙන්න තැනෙන පාලම අසලට
සහොදරවරු මා සොයා ගන්නෝ ය.

සෙම්යොන් ගුද්සෙන්කො.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.



ඔබ කෙරෙහි නැවතත් මම ආදරය කරමි හා වශි වීමි.







ඔබ කෙරෙහි නැවතත් මම ආදරය කරමි හා වශි වීමි
එවැන්නක් සිදු නොවන්නේ යැයි - නුඔ පවසන්නෙහිද?
එහෙත් මාගේ සෑම පැමිණීමක්ම අපූර්ව ය හා නැවුම් ය,
ගුප්ත යැයි මට හැඟෙන්නේ ය පැරීසිය.

සිදුවන්නේය එසේ. ජීවත් වන්නේය නුඹ, ජීවත් වන්නේය මිහිමත.
ගෙවී යන්නේය වසන්තය හා කුළුඳුලේ යුරු
නුඹට හැඟෙන්නේද ඒ මදනළ කොතරම් නාඹර දැයි
හා නැවත බිඳු ව්‍යාකූල වෘත්තාන්තයක.

කුළුඳුලේ මම ලියමි පදවැල්
ලියුවත් පදවැල් කලක සිට.
ආනන්දජනක කැළඹීම් වලට බෙහෝ ඉඩහැරියේ ය,
මතකයේ රැඳේ මගේ මෑතක - එකම දෙයක්.

සිදුවන්නේය එලෙස .... නොමැරුවෝය, නොකළෝය දූෂණය
ලාලසාව නොදන්නේය, උපද්දවමින් නැවත හා නැවත.
නුඹ - මගේ නෑඹුල් පදවැල්ය
හා නෑඹුල්, අමරණීය ආදරයයි.

රසූල් ගම්සාතෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, January 27, 2017

වඩාත් විශාල හා වඩාත් බබළන වසන්තය.




වඩාත් බර හිම ද්වාරමණ්ඩපයේය.



වඩාත් විශාල හා වඩාත් බබළන වසන්තය
කුරුල්ලන්ගේ ඒ ගී නද කෙළිලොල් ය.
එනමුදු ගීතය ඔවුන්ගේ නිහඬ කිරීම අවැසි ය,
යාන්තමින් මිහිකත සුදට හැරෙන්නේ ය.

වඩාත් බර හිම ද්වාරමණ්ඩපයේ ය.
වඩාත් බලාපොරොත්තු රහිත අයහපත් කාළගුණය හා
ගායකයාගේ වඩාත් පොපියන ගීතය
තුළ වඩාත් උණුසුම හා වඩාත් ලාලසාව ය.

රසූල් ගම්සාතෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Sunday, January 22, 2017

රතු හිස් වැස්ම පිළිබඳ අන්දරය.





ජීවත් විය මිහිමත ශිෂය භටයෙක්.
රතු හිස් වැස්මක් ඔහු පැළඳ සිටියේය.

ඒ හිස් වැස්ම හැර, වෙන කිසිවක් උරුම වූයේ නැත ශිෂය භටයාට,
ඔහු සන්තකයේ කිසිවක් රතුපැහැයෙන්, තිබුනේද නැත හා ඇත්තේද නැත.

ශිෂය භටයාට ඇහෙන්නේය - විප්ලවයක් කොහේදෝ,
හිස් වැස්ම එකෙනෙහිම හිස මත ශිෂය භටයාගේ.

ජීවත් වූවෝය එතෙක් මෙතෙක් ශිෂය භටයින්, ශිෂය භටයින් උදෙසා,
ශිෂය භටයාගේ පියා හා ශිෂය භටයින්ගේ මුත්තන්.

නැගිට සිටියේය එක් දිනකදී මහා සුළඟක්.
කීතු වලට ඉරා දැමුවේය හිස් වැස්ම ශිෂය භටයා මතින්.

කළු පැහැවිය ඔහු. එහෙත් දකිමින් එය
වෘකයින් විප්ලවයේ මාංචු දැමුවේය ශිෂය භටයාට.

ප්‍රසිද්ධය, වෘකයින්ගේ ආහාර කවරා ආකාරද කියා.
කරපටි සමගින් තලු ගසමින් කැවෝය ශිෂය භටයාව.

කවදාද රාජ නීතිය කරවන්නේ, දරුවනී,
අමතක නොකරන්න වෘත්තාන්තය ඒ ශිෂය භටයා පිළිබඳ.

1917.
ව්ලාදිමීර් මයකොව්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Friday, January 20, 2017

මම පිබිදුනෙමි අරුණොදයේ.





මම පිබිදුනෙමි අරුණොදයේ.
නබෝ ගැබේ එකඳු වළාවක් නැත.
එනමුදු පෙරදින වැස්ස වැටුනේය හා සුළං හැමුවේය,
ලොවම දැවෙන කඳුළු තුල ගිලුනේය.

කවරෙක්ද එතරම් ඉහළ -එතරම් ඉහළ
නබෝ ගැබ තුල නැගි සිටින්නේය මුසුන සමගින්
හා අතුගා දැමුවේය ඇසිල්ලකින්
අහස, බාධාකාරී මීදුම?

රසූල් ගම්සාතෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු. 

Thursday, January 19, 2017

ශිකර වැස්ස.





ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
වසර පුරා අතෝරයක් නැතිව, වසර පුරා,
වසන්තයක් නැතිවා සේ, හා ගිම්හානය.
කුමක්දෝ ලිස්සායන සුළු යමක් ඇඳගත් මිහිකත,
ජනයා වැටෙන, සටන් කරන්නේය තුසර මත,
ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
වසර පුරා අතෝරයක් නැතිව, වසර පුරා.....

මිහිකත වටා පියාසර කරන්නේ නම්,
දෙපයින් ස්පර්ශ නොකර මිහිතක,
එකෙක් හා තවෙකෙක් වැටෙන්නේය,
ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
හා පාගා දමති ඔහුගේ සපත්තු වලින්.

ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
වසර පුරා අතෝරයක් නැතිව, වසර පුරා,
වසන්තයක් නැතිවා සේ, හා ගිම්හානය.
කුමක්දෝ ලිස්සායන සුළු යමක් ඇඳගත් මිහිකත,
ජනයා වැටෙන, සටන් කරන්නේය තුසර මත,
ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
වසර පුරා අතෝරයක් නැතිව, වසර පුරා.....

1966.
ව්ලාදිමීර් විසෝත්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Sunday, January 15, 2017

පාපැදි.







වැතිර සිටී පාපැදි
අරණේ, පිණිදියේ.
බර්ච් හිදැස්සේ
කාන්තිය විහිදන්නේ ය මහමග.

හමු විය, වකුටු විය
පියාපතින් පියාපත වෙතට,
පාකඩින් පාකඩට,
රෝදයෙන් රෝදය වෙතට.

නැතහොත් ඔවුන් අවදිකරවයි
යසට, එනමුත් මරන්න!
තෝන්තු වූ දුෂ්ඨයා
දඟර තුල දම්වැලේ.

අති විශාල, විශ්මිත,
ඕනෑ කමින් බලති මිහිකතේ සිට.
ඔවුන් මතින් - තුනී හරිත මීදුම් පටලය,
ගල්තාර, ඹමර මැස්සන්.

ඝෝෂාකාරී බහුලත්වය තුල
ඩේසී මල්, සුවඳතලා
වැතිර සිටී. ඔවුන්ව අමතක විය.
නිදා සිටති, නිදා සිටිති.

1963.
අන්ද්‍රේයි වස්නේසේන්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.