Sunday, January 15, 2017

පාපැදි.







වැතිර සිටී පාපැදි
අරණේ, පිණිදියේ.
බර්ච් හිදැස්සේ
කාන්තිය විහිදන්නේ ය මහමග.

හමු විය, වකුටු විය
පියාපතින් පියාපත වෙතට,
පාකඩින් පාකඩට,
රෝදයෙන් රෝදය වෙතට.

නැතහොත් ඔවුන් අවදිකරවයි
යසට, එනමුත් මරන්න!
තෝන්තු වූ දුෂ්ඨයා
දඟර තුල දම්වැලේ.

අති විශාල, විශ්මිත,
ඕනෑ කමින් බලති මිහිකතේ සිට.
ඔවුන් මතින් - තුනී හරිත මීදුම් පටලය,
ගල්තාර, ඹමර මැස්සන්.

ඝෝෂාකාරී බහුලත්වය තුල
ඩේසී මල්, සුවඳතලා
වැතිර සිටී. ඔවුන්ව අමතක විය.
නිදා සිටති, නිදා සිටිති.

1963.
අන්ද්‍රේයි වස්නේසේන්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment