ඔබ කෙරෙහි නැවතත් මම ආදරය කරමි හා වශි වීමි
එවැන්නක් සිදු නොවන්නේ යැයි - නුඔ පවසන්නෙහිද?
එහෙත් මාගේ සෑම පැමිණීමක්ම අපූර්ව ය හා
නැවුම් ය,
ගුප්ත යැයි මට හැඟෙන්නේ ය පැරීසිය.
සිදුවන්නේය එසේ. ජීවත් වන්නේය නුඹ, ජීවත්
වන්නේය මිහිමත.
ගෙවී යන්නේය වසන්තය හා කුළුඳුලේ යුරු
නුඹට හැඟෙන්නේද ඒ මදනළ කොතරම් නාඹර දැයි
හා නැවත බිඳු ව්‍යාකූල වෘත්තාන්තයක.
කුළුඳුලේ මම ලියමි පදවැල්
ලියුවත් පදවැල් කලක සිට.
ආනන්දජනක කැළඹීම් වලට බෙහෝ ඉඩහැරියේ ය,
මතකයේ රැඳේ මගේ මෑතක - එකම දෙයක්.
සිදුවන්නේය එලෙස .... නොමැරුවෝය, නොකළෝය දූෂණය
ලාලසාව නොදන්නේය, උපද්දවමින් නැවත හා නැවත.
නුඹ - මගේ නෑඹුල් පදවැල්ය
හා නෑඹුල්, අමරණීය ආදරයයි.
රසූල් ගම්සාතෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
පට්ට...
ReplyDeleteඒක නං සුපිරි කවිය
ජයවේවා
තුති.ජයවේවා
ReplyDelete//නුඹ - මගේ නෑඹුල් පදවැල්ය//
ReplyDeleteලස්සන යෙදුමක්.
ජයවේවා!!!
මා උත්සහ කරන්නේ මුල් කෘතියට ආසන්න වන්නටය.
ReplyDeleteඔබට තුති.