Saturday, January 14, 2017

නොමැරී ජීවත් වුනෙමි.

එලෙස සියල්ල අවසන් විය. මම නොමැරී ජීවත් වුනෙමි.
එතුම්. ඔලෝගුව ගැඹුරේ
රොටි. කඩමාල්ලේ ලුණු. මම පිටතට ගියෙමි,
යන්තමට අල්ලා ගනිමින් මිටෙන්.

මම මිල දී ගත්තෙමි සති දෙකක් සඳහා
ඒ කූට මුහුණුවර,
කුමක් විය හැකිද, සැබවින්ම
මේ වන විටත් බලවත් ලාවන්‍ය.

ගැහැට, විශාල විය
ගැඹුරින් සිතමු ලාලටය ස්පර්ශ කළේ ය.
එහි ඇල්ම බැල්ම ගැඹුරු වන්නට විය,
මුව වටා රැළි පැතිරුනේ ය.

ඡායාව සේ, සිටියෙමි යන්තමින් ......
ආත්මය, කොහේද නුඹ සිටියේ මෙතෙක්?
ආත්මයට මම පැහැදිලිව අරුත් දුන්නෙමි සිරුර තුළ,
මඩිස්සලේ පාන් සේ, කඩමාල්ලේ ලුණු සේ.

1962.
යෙව්ගේනී විනාකූරෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Thursday, January 12, 2017

නමුදු අපේ නගරයට අරුණළු වැටෙනවා.





පැද්දෙන්නේය යන්තමට මේපල් පර්ණ.


නමුදු නගරයට අපේ අරුණළු වැටෙනවා.
නුඹ ආදරය කළාය එබඳු කාලයක.
හීන හිමිදිරියේ අහසට පාවී යති.
කෙසේ වුවත් කඩිනම්න් ඒවා අමතක කරන්නෝය.

පැද්දෙන්නේය යන්තමට මේපල් පර්ණ,
දෙහි එල්ලෙන්නේය නිවස්න මතින්.
ව්‍යාකූල විස්මිත හා
කුඩා දුම් නැව මොරදෙන්නේය මීදුමේ.

නුඹේ පියා, ගරාදි වැටේ කිරා වැටෙන
හා පසුව, හිමිදිරියේ අවදිවන,
වෙව්ලා හැකිලෙන, දෙඋර සොළවමින්,
රැගෙන එමින් යහන, නැවත නින්දට යන්නේය.

ප්‍රත්‍යක්ෂ ඒ සියල්ල සුදුමැළි නබෝගැබ යටය
පියසි, ප්‍රාවර, පදික වේදිකා.
හා වෑන්රියේ රියදුරු තිරිඟු සමගින්
අවසානයේදී පහන් නිවාදැමුවේය.

..... නමුදු නගරයට අපේ අරුණළු වැටෙනවා,
උද්‍යාන ඔස්සේ හා එකිනෙකා සමග සමානව,
පැතිර යති හා නැවත දියවෙයි
ස්වර හා පා සටහන් මගහැර ගිය.

හිරු එබී බැළුවේය, පැහැදිළිව පෙනෙන්ට විය,
කෙසේ පියමනින්නේද නිදන ගොඩනැගිලි ඔස්සේ, -
කවරෙක්ද වෙනස සමගින් - යයි කෙඩෙත්තුවෙන්,
හා කඩිමුඩියේ යයි - කවරෙක් රාත්‍රීයේ හමුවට.

මංපෙත් දැනටමත් දූවිලි එකතුවූ
හා කම්හල් නළා හඬ අහසට විසිර යයි.
නගරයේ ජීවත්කර වන්නාක් සේ නුඹව?
..... නමුදු නගරයට අපේ අරුණළු වැටෙනවා.

1955.
කන්ස්තන්තීන් වන්ෂෙන්කින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.


Tuesday, January 10, 2017

අත්.



රඳවාගන්න දෑස් නිපුණ දෑත් වෙත!
ඒවායේ රැළිවැටුණු හා ඉදිමුණු ශිරා ය.
මම ඔවුන් සමග එක්ව නැවතුනෙමි
දවාලයේ,රාත්‍රියේ, සවස් මුරයේ.

මම සැළකිල්ලක් දැක්වූයෙමි: ඔවුන් තුළ කුඩා කලබලයකි,
සංචලන දූරදර්ශී ය, සන්සුන් ය.
ඒකාග්‍රතාවෙන් රැකියාවේ යෙදී ඇත,
ඔවුහු මෙහොතක විරාමයෙන් හිත් පීඩා ඇති කර නොගත්තෝ ය.

මම ඕනෑකමින් බැලුවෙමි, කෙසේද ඒ දෑත් විරාම ගන්නේ කියා,
කපනා සේ ධාන්‍ය හා මසින් පිරි පාන් ගෙඩියක්.
දෑත් මේස රෙද්ද මත වැතිර සිටින්නේ කවදාද,
විවේක ගත්තෝ ය ඔවුන් තුළ අභිමානය ජනිතවන.

කවදා දෑත් කටරය ක්‍රියාත්මක කරන්නෝද,
හැඳිනගන්නේ නැත එම මෙහොතේ දී දෑත් සංසන්දනය කිරීමක,
නුඹ අඳින්නේ නැත කිසිම කවට වදනකින්
ඔවුන්ගේ රැකියාව, උත්තුංග හපන්කමකි.

නොරිදවන්න ඒ දෑත්, මිතුරනී!
ආදරය කරන්න ඒවාට තම ආත්මයෙන්ම, කිවියනි!
හා මතක තබාගන්න: ඒවා නොමැතිව කිසිවිටකත් නොහැකි ය,
ඔවුහු අත්ල තුළ රඳවා ගන්නෝ ය ලෝකයේ ශ්‍රමය!

1960.
වික්තර් බෝකෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Saturday, January 7, 2017

රැකගන්න ජනයා



මිනිසෙකුට උසුලගෙන යති
දොඩම්, විස්කෝතු.
ඔහුට එය මෙලහකටත්
අනාදාලය.

ඔහු ජනයා දෙස නෙත් හෙළන්නේය
නිහතමානි - නොලිහිල්:
ඔවුන් වන්නේ නම්, නෑදෑයින්,
වේලපහින් බිඳක්!

මම නාඹර වූ, උණුසුම්,
සෑම තැනම මම මිනිසුන් සමග වීමි.
එහෙත් දැන් වැළඳගනිමි
අම්ලකර වායු වර්තූලය.

සප්පයෙකු සේ, උරමි
අම්ලකර වායු සූප්පුව.
තලපය මට රැගෙන ආවෝය,
බලහත්කාරයෙන් හැඳි දෙකක් කමි.

දෙතොල් අගුළු ලන්නේනම්,
වසර ආපසු හැරුනේ නම්,
කම්හල් කමිටුව උපකාර නොවන්නේය,
බෙහෙත් ගුලි උපකාර නොවෙති.

කුසුමන් උපකාර නොවෙති,
සාප්පු සූකිරි පසුම්බියේය,
ඔසවන්නේ නැත ඔවුන්
යෝධ පෙනුමක් ඇති මිනිසාව,

අවශ්‍යය කාලය තුල
මිනිස් ආත්මය සුරැකීමට
දොඩම් වලින්, විවේකයෙන්,
මිතු වදනින්!

සිදුනොවන්නේය, සිදුනොවන්නේය
මනුෂ්‍යත්වය තුල ව්‍යාජය!
රැකගන්න ජනයා!
රැකගන්න, තවමත් ඔවුන් ජීවතුන් අතර!


වික්තර් බෝකෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

Thursday, January 5, 2017

වෙල්ලවැහුම





සෑම තැනම පව්ලීක් වෙතට බුහුමන් කරන්නේය:
පව්ලීක් වෙල්ලවැහුම් පුළුස්සන්නේය.

ඔහු පාසැලේ දී සංවාදය මෙහෙය වීය
පැවසූවේය, අභ්‍යාස පොත විවර කරමින්,
කොපමණ සෝඩියම්, කොපමණ ලුණු,
කොපමණ තෙල් අවැසිද.

සනාථ කලේය, තෙල් වෙනුවට
මාගරින් ගැනීමට හැක.

තීරණය විය ඒකමතිකව:
ඔහු කදිමට කතා කළේය.
කව්ද එබඳු කතාවක් කළේ,
වෙල්ලවැහුම් පුච්චන්න සමත්!

එහෙත්,සහෝදරයිනි, කඩිනම් වන්න
නිවස මුදාගැනීමට අවශ්‍යය කඩිනමින්!
කොතැනද නුඹලාගේ ගිනි නිවනය?
දුම දොර යටින් ගලාඑන්නේය!

අසල්වැසියන් කතා කරති:
ඒ වෙල්ලවැහුම් පිළිස්සෙන්නේය!

ඔහ්, කටයුත්තට පැමිණිය දා,
ලැජ්ජාවට පත්වූයේය අපේ වීරයා
වෙල්ලවැහුම් නමයක් පිච්චුනි,
දහයක් අමු විය!

කතාව කිරීමට අපහසු නොවේ,
වෙල්ලවැහුම් පිළිස්සීම අසීරුය!

අග්නයා බර්තෝ.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Monday, January 2, 2017

හමුව ( අවතාරය ).



උදේරැයින් දැල්වූ ලන්තෑරුම්
පන්දු එල්ලෙන දත්මිටි කයි,
සියළු මංගල, සියළු දීප්තිමත්
හිම පියළි, පියාසර කරමින් දිස්නෙ දුණි.

කඩිනම් කරමින් සැහැල්ලු ධාවනය හා,
අපේක්ෂා තුල හඹායාම සේ,
දිගටම සැහැල්ලුව ඇද හැලෙන හිම
නීල දැල යට පිම්මේ දුවන අස්වයින් මෙනි.

රන් ආලේපිත කැරළිකරුවා
වටින්නේය නිශ්චල හිමායනය සඳහා,
පුදුමාකාරව බලන්නෙහිය නුඹ වටපිට
නිෂ්ඵල දීප්තිමත් දෑසින්.

1919.
ආන්නා අහ්මාතවා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

Saturday, December 31, 2016

උයන


 තුෂාරයෙන් වැසුනු උයන.


සියළු කාන්ති විහිඳුවන්නේය හා සවිමත්වන්නේය,
තුෂාරයෙන් වැසුනු උයන.
ඉවත්වන මා වෙතින් ශෝකී වන්නේය,
එහෙත් ආපසු මගක් නැත.

පඬුවන් හිරුගේ උදාසීන වත
වට කවුළුව පමණක් හා;
මම රහසින් දනිමි, කාගේ හෙවනැල්ල
ඇළුණේ ඔහු වෙත බෙහෝ කලක්.

මාගේ ශාන්තිය සදහටම ලබා ගත්තේය
කලින් හැඟුනු ගැහැට,
හීන් තුසර අතරින් නොකඩවා තවමත් බබළන්නේය
තුන්දා පා සටහන්.

වැටුනේය පහතට විඩාබර නීරස මුහුණ
ගොළුවා වෙත නින්ද ක්ෂේම භූමියකි,
නතර වන්නේය තියුණු වැලපීම
හා ආබාධිත කොකුන්.

ආන්නා අහ්මාතවා.
1911.
ත්සාර්කොයේ සිලෝ.
සිංහල බසින් රුසියන් බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.