Saturday, January 14, 2017

නොමැරී ජීවත් වුනෙමි.

එලෙස සියල්ල අවසන් විය. මම නොමැරී ජීවත් වුනෙමි.
එතුම්. ඔලෝගුව ගැඹුරේ
රොටි. කඩමාල්ලේ ලුණු. මම පිටතට ගියෙමි,
යන්තමට අල්ලා ගනිමින් මිටෙන්.

මම මිල දී ගත්තෙමි සති දෙකක් සඳහා
ඒ කූට මුහුණුවර,
කුමක් විය හැකිද, සැබවින්ම
මේ වන විටත් බලවත් ලාවන්‍ය.

ගැහැට, විශාල විය
ගැඹුරින් සිතමු ලාලටය ස්පර්ශ කළේ ය.
එහි ඇල්ම බැල්ම ගැඹුරු වන්නට විය,
මුව වටා රැළි පැතිරුනේ ය.

ඡායාව සේ, සිටියෙමි යන්තමින් ......
ආත්මය, කොහේද නුඹ සිටියේ මෙතෙක්?
ආත්මයට මම පැහැදිලිව අරුත් දුන්නෙමි සිරුර තුළ,
මඩිස්සලේ පාන් සේ, කඩමාල්ලේ ලුණු සේ.

1962.
යෙව්ගේනී විනාකූරෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment