Tuesday, January 10, 2017

අත්.



රඳවාගන්න දෑස් නිපුණ දෑත් වෙත!
ඒවායේ රැළිවැටුණු හා ඉදිමුණු ශිරා ය.
මම ඔවුන් සමග එක්ව නැවතුනෙමි
දවාලයේ,රාත්‍රියේ, සවස් මුරයේ.

මම සැළකිල්ලක් දැක්වූයෙමි: ඔවුන් තුළ කුඩා කලබලයකි,
සංචලන දූරදර්ශී ය, සන්සුන් ය.
ඒකාග්‍රතාවෙන් රැකියාවේ යෙදී ඇත,
ඔවුහු මෙහොතක විරාමයෙන් හිත් පීඩා ඇති කර නොගත්තෝ ය.

මම ඕනෑකමින් බැලුවෙමි, කෙසේද ඒ දෑත් විරාම ගන්නේ කියා,
කපනා සේ ධාන්‍ය හා මසින් පිරි පාන් ගෙඩියක්.
දෑත් මේස රෙද්ද මත වැතිර සිටින්නේ කවදාද,
විවේක ගත්තෝ ය ඔවුන් තුළ අභිමානය ජනිතවන.

කවදා දෑත් කටරය ක්‍රියාත්මක කරන්නෝද,
හැඳිනගන්නේ නැත එම මෙහොතේ දී දෑත් සංසන්දනය කිරීමක,
නුඹ අඳින්නේ නැත කිසිම කවට වදනකින්
ඔවුන්ගේ රැකියාව, උත්තුංග හපන්කමකි.

නොරිදවන්න ඒ දෑත්, මිතුරනී!
ආදරය කරන්න ඒවාට තම ආත්මයෙන්ම, කිවියනි!
හා මතක තබාගන්න: ඒවා නොමැතිව කිසිවිටකත් නොහැකි ය,
ඔවුහු අත්ල තුළ රඳවා ගන්නෝ ය ලෝකයේ ශ්‍රමය!

1960.
වික්තර් බෝකෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment