Monday, January 2, 2017

හමුව ( අවතාරය ).



උදේරැයින් දැල්වූ ලන්තෑරුම්
පන්දු එල්ලෙන දත්මිටි කයි,
සියළු මංගල, සියළු දීප්තිමත්
හිම පියළි, පියාසර කරමින් දිස්නෙ දුණි.

කඩිනම් කරමින් සැහැල්ලු ධාවනය හා,
අපේක්ෂා තුල හඹායාම සේ,
දිගටම සැහැල්ලුව ඇද හැලෙන හිම
නීල දැල යට පිම්මේ දුවන අස්වයින් මෙනි.

රන් ආලේපිත කැරළිකරුවා
වටින්නේය නිශ්චල හිමායනය සඳහා,
පුදුමාකාරව බලන්නෙහිය නුඹ වටපිට
නිෂ්ඵල දීප්තිමත් දෑසින්.

1919.
ආන්නා අහ්මාතවා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment