Tuesday, November 15, 2016

වස්දණ්ඩ.






රාවය වස්දඩුවේ හුදකළාව
විහිද ගියේය නබෝ ගැබ තුල,
අවදිකරමින්, හදවතේ කෘර
කාලයේ මතක සටහන් මට.

තවත් අහසක් යට
අපි තැකුවෙමු ඉඳහිට ඔවුන්,
හරිත කඳු මතින්
දියණි සමගින් නාඹර කුලවත්.

සුදුමැළි හා ජිවලිත,
ලාලසාව පුර්ණ වූයේ කෙසේ
නුඹ, ලිතුවේනියානු ස්ත්‍රීයකී නාඹර,
කුලවත් දියණි මහළු බිරිඳකි!

යවකාර ලුණු රහසිගත හමුවක සේ .....
වළාවක් සේ වුවාය නුඹ!
දේහය හා කිරිගරුඬ උරබාහු
ලිහිල් උතුරු සළුවෙන් වැසුවාය ...

හඳුනාගත්තේය, සේ සොහොන වසන වේලය,
කුලවත් දියණිගේ සුදුමැලි වත
කෙස් රොද කළු, කෙස් රොද දිගු,
කෙස් රොද, දඟර ගැසුනු මුදුව තුල.

1840.
වසීළි ඉවානෝවිච් ක්රාසොෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment