Sunday, November 27, 2016

ස්තෙප් හී වසන්තය.



ස්තෙප් පෘථුලයි,
ස්තෙප් ජනශූන්‍යයි,
කිමෙක්ද නුඹ එතරම්
වළාකුළු අතරින් බලන්නේ?

කොතැනකද නුඹේ සුන්දරත්වය,
හරිතය ප්‍රජ්වලිතයි,
කුසුමන් මත තුසර
මරකත මිණි?


කොතැනද දිනයේ, කවදාද
හිමිදිරියේ සිට රාත්‍රිය තෙක්
නුඹ අයාලේ යන කුරුල්ලන්ගේ
ගීත ඇසුවාය.

අමිල බුමුතුරුණු වලින්
විසිරයන්නේය,
සෑම අරුණොදයක් පාසාම, සිහින හරහා,
තැවෙන්නේය?

කෙදිනකද රාත්‍රී කාලයේ
අසිරිමත් ගූඪ
මදපවන නුඹට
කොඳුරුවේය කොමළව,

ප්‍රබෝධමත් කලේය නුඹගේ
නිරාවරණව වූ දෙතන,
ළදරුවෙකු සේ, නුඹව
නළවන්නේය?...

එනමුත් දැන් නුඹ වැතිරසිටින්නේය
අප්‍රාණිකව නිරුවතින්;
නිහැඬියාව සිසාරා,
කැරකොප්පුවේ මෙන්...

පිබිදෙන්න! පැමිණියාය
කාලය එළඹී ඇත පෙරදා මෙන්;
ලබාගන්නට කුසුමන් තුලින්,
විල්ලුදෙන් හරිතය;

සැරසිල්ලෙන් ඔබව
මුතු තුසරෙන්;
කැන්දාගන්නට ආරාධිතයින්
වසන්තය සැමරන්නට.




බලන්න සිසාරා:
නබෝගැබ පෑදී
නීල කුඩාරමෙන්
දසදෙස පැතිරුනේය,



රන්වන් මුකුටය
හිරුගේ ලෝහිතෙන්
සකල ගින්නෙන් දැවෙන්නේය
ඕක් වනය මතින්,

නවමු ජීවයකින්
හුස්මගන්නට උණුසුම් දින,
පවන් රොද ලය මතින්
නුඹ ගෙන් අසන්නේය.



1849.
ඉවාන් සාෆ්විච් නිකීතින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

4 comments: