Sunday, November 20, 2016

නිහඬය හා පැහැදිලිය.


ලයිලැක් මල්. 

නිහඬය, පැහැදිලිය,
ලයිලැක් සුවඳින් හමන්නේය,
කොහේදෝ සිට හඬ නගන්නේය රෑ කොවුළා.
පාවී ආ සුවඳ සුළගෙහි මනමෝහනීයයි
මිහිරි ආලස්‍යය
පුළුල් ඒ මග සිට.

ඟග යන්තමට කම්පාවන්නේය
සීතල වනේ කඳන්,
සිහින මැඩලන්ට නොවේ ශක්තියක.
සුසුම් ලන්නේය හෙලන්නේය ආදරයෙන්,
සුසුම් ලන්නේය හෙලන්නේය සන්තාපයෙන්
වසන්ත ලාලසී රැය.

නිහඬය, පැහැදිලිය,
ලයිලැක් සුවඳින් හමන්නේය,
කොහේදෝ සිට හඬ නගන්නේය රෑ කොවුළා.
පාවී ආ සුවඳ සුළගෙහි මනමෝහනීයයි
මිහිරි ආලස්‍යය
පුළුල් ඒ අතුඉති වලින්.

1889.
කන්ස්තන්තීන් පෙත්රෝවිච් මෙද්වේද්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

1 comment: