Monday, September 12, 2016

සංකල්පනාව.



කරලීනා කර්ලෝව්නා පව්ලෝවා.


ශෝකීව සුළඟ හමන්නේය.
ක්ෂිතිජය අඳුරු වන්නේය,
සිසි නොවන්නේය එඩිතර
එබීකම් කරන්නේය මේකුළු අතරින්;
සිටිමි හුදකළාව මම,
මීදුම් පටල විටින් ගොඩින් ඝන විය,
කිඳා නොබසින්නේය
වැස්ස හඬනගන්නේය, ඇලක් සේ.

පපුකැනැත්තේ දුකය
අලසකම බලවත්,
ලාලසාව ළමැද්දේ නිර්ලජ්ජිතය,
පාවාදෙන්නේය මට,
සියල්ල නිෂ්ඵල සේය,
කුමක් අපි අයදිම්ද ලාලසි,
කුමක්ද, මන්දදීප්ත පැහැදිලි,
ආකර්ෂණීය වන්නේය අපට සිහිනයේ.

නොසන්සුන්තාවන් අතරේ සේය
නොහික්මුණු පරපුර
පිරිසිඳු චේතනාවන්
නොවේ ඉදුණු පළතුරු;
සේය සියල්ල පවිත්‍ර
හදවත තුල තරුණ
මුහුදු පතුල සේ,
කිසිවකින් වැටෙන්නේය!

1840 අගෝස්තු.
කරලීනා කර්ලෝව්නා පව්ලෝවා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

3 comments:

  1. අෙගයි ෆිලික්ස්.. තැන්ක්ස්

    ReplyDelete
  2. ඔබගේ දිරිගැන්වීම අගයමී සැමදා

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete