ගොළු රාත්‍රියේ චමත්කාරය
මා ඉදිරියේ නුඹේ බැබළෙන වත.
වසඟ වන පැරණි ගීත
වැළඳගන්නෝය ආත්මය ඒ ඇසිල්ලේම.
තම පිපිහළු නීල මංපෙතේ
හෙමි හෙමීට පසුකර යන්නේය නුඹ,
ගිමන් හරින්නෝය නුඹ මස්තකයේ
නිහිත තාරකා යුගලක්.
අලෙක්සාන්දර් අලෙක්සාන්ද්‍රෝවිච් බ්ලොක්.
1900 ජූනි 13.
අලෙක්සාන්දර් අලෙක්සාන්ද්‍රෝවිච් බ්ලොක්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
"පිපිහලු" "නිහිත" මට අලුත් වචන. තේරුම දැනගන්න පුලුවන්ද?
ReplyDeleteජයවේවා!!!
පිපිහළු යනු සුදුමැලි යන්න වේ. නිහිත යනු ස්ථාවර යන්න වේ
Deleteස්තූතියි ඔබට.
Deleteජයවේවා!!!