Thursday, September 22, 2016

ආදරය.

ඇය ඉපදුනේ නුඹගේ මදහසිනි -
අනුත්තර, සෞම්‍ය, මෘදු,
සුදුමැළි තණ මෙන් හිමට යටවූ ......
ඇය උපන්නේ දොම්නසත් සමග මගේ.

නොසතුට, නොවේ හිරු ලාලනය කලේ ඇයව:
උදක්ම රාත්‍රිය දුටුවෝය නින්ද නැති -
කඳුළු හද තුල සැඟවුනු,
බයාදු මගේ වාසනාව.



ගලීනා ග්ලාෆිරා අදෝල්ෆෝව්නා.

රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment