Monday, November 14, 2016

සීතල කැමැත්ත සමගින්.



කුමක්ද කවුළුවෙන් එහා සැළෙන්නේ?
ඒ - පවන, ඒ හිම
දිගු කලක සිට හැඟෙන්නේය හදට
නිහඬ වේගයෙන් දුවන වළාවන්.

හදවත කොඳුරන්නේය, උන්මත්තකයෙකු සේ,
සැළකිල්ලක් දක්වන ජීවිතය ස්වර්ගයෙහි,
ගොළුවතින්, සිතුවිලි ගොන්නකින්,
සිටිමින් දිගු කලක්.

ළය තුලින් පිටතට ඇසෙන්නේය,
අවනත වෙමින් සුළඟට, වළාකුළු,
හිඩැස තුල, කොතැනක දිගහැරෙන්නේද
ඇරයුම සයුරු හා ගංගාවන් වෙත,

දුර්මුඛත්වයේ සිට මිනිස්වර්ගයාගේ
ජීවන පරිසරය තුල ලෝකයේ,
නිම්හිම් නැති මාතෘභූමිය
මගේ ආත්මයේ ප්‍රාණවත්කරන්නේය.

1899 මාර්තු 11.
ඉවාන් කනේව්ස්කයි.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

5 comments:

  1. ලස්සනයි මචෝ,
    එත් කලින් ලියාපු ජාතියේ රසයක් නම් නෙමෙයි එන්නේ.
    සමහරවිට මුල් නිර්මාණයේ හැටි වෙන්නැති..

    ReplyDelete
    Replies
    1. මෙම කවියා උත්පාදනය කරන්නේ වෙනත් රසයක්. ඉතා සරල රසයක්. ව්‍යංගය නැති තරම්. විවිධ රසයන්ගෙන් යුත් නිර්මාණ පරිවර්තනය කිරීමට උත්සහ කරනවා. එවිටයි රුසියානු කවියේ පරාසයන් තේරුම්ගන්න පුළුවන්වෙන්නේ. ඔබගේ අදහස් මා දිරිගන්වන සුළුයි.

      Delete
  2. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete